Sunday, December 26, 2010

නිව්ටන්ටත් වැරදුනු තැන............?

තම තෙවන නියමයෙන්
නිවුටන් කියන්නේ
දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බවත්
විශාලත්වයෙන් සමාන බවත්
සෑම ක්‍රියාවකම ප්‍රතික්‍රියාව........


කුඩා කල සිටම 
උගත්තත් මේ තෙවන නියමය
යොදාගත්තත් කෙතරම් 
හමුවිය එක තැනක්
නිවුටන්ටත් මගහැරුනු.........


ක්‍රියාව වන විට 
ආදරය කිරීම
ප්‍රතික්‍රියාව වේ
ආදරය ලැබීම
මෙතැනදී...........


සැබෑමය දිශා ප්‍රතිවිරුද්ධ බව
එනමුදු සැලකූවිට විශාලත්වය
ක්‍රියාවට වඩා විශාල බව
ප්‍රතික්‍රියාව හැමවිටම
අවබෝධ විය මට.........


නැත වරදක් නිවුටන් අත
ඒ මනද යත්
කොතරම් වෙහෙසුවත් මනස
නොදැනේ මෙම වරද
හදවතට මිස..........


කරන විට ආදරය
ලැබේ ආපසු වැඩි වැඩිය
එහෙයින් මේ කිසිදු නියමයකට නීතියකට
යට නොවන බව ආදරය
පසක් විය මට..........

Wednesday, December 22, 2010

සීතල උඳුවප් මහේ නත්තල් උනුසුම.........

මාසයක් විතර තිස්සෙ වැහැපු වැස්ස නැවතිල ආයෙත් අහස හිනාවෙන්න පටන් අරන්. හැමෝටම ආදරය දැනෙන නත්තල අත ලඟටම ඇවිත්. අපේ කිතුනු හිතවතුන් වගේම පොඩ්ඩොත් ලහි ලහියෙ නත්තලට සූදානම් වෙනව. උඳුවප් මහේ ඇඟ හිරිවැටෙන් සීතල අතරින් නත්තල් උනුසුම දැනෙන්න පටන් අරන්. ආගම්, ජාති බේද නැතුව හැමෝම නත්තලට කැමතියි නෙ.
නත්තල් ගස්, ගව ලෙන් හැම ගෙදරකම වගේ හැදෙනව. සාප්පු සවාරි යන්නන්ගෙන් මං මාවත් පිරිල ගිහින්. මේව කරන්න කතෝලිකම වෙන්න ඔන නෑ නෙ. හැමෝම නත්තල එනකන් හරිම උනන්දුවෙනුයි බලා ඉන්නනෙ. කවුරු මොන කතා කිවුවත් අපේ මිනිස්සුන්ගෙ හිත්වල කිසිම භේදයක් නෑ කියලයි මට නම් දැනෙන්නෙ. ඇත්තටම අපිට අපි ගැන ආඩම්බර වෙන්න පුළුවන් නේද?
කැලණි සරසවියෙ කතෝලික සංගමයත් නත්තල ජයටම සමරන්න සූදානම් වෙනව. කතෝලික වන නොවන හැමොගෙම උදවුවෙන් ලස්සන වැඩකට සියල්ල සූදානම් වෙනව.

Monday, December 13, 2010

ආයෙත් පුරුදු ජීවිතේ...........

GPA Cal එකේ වැඩ නිසා ටික දවසකින් අලුත් දෙයක් ලියන්නත් බැරිවුනා. ඒ අතරෙම කැම්පස් නිවාඩුවත් ඉවරයි. ආයිත් පුරුදු ජීවිතෙ පටන් ගන්නයි යන්නෙ. මේ ඉතින් කැම්පස් එකේ අන්තිම අවුරුද්ද නෙ. ඒ ගැන පොඩි දුකක් නැතුවම නෙමෙයි. ඒත් ඉතින් හැමදාම ඉන්න බෑනෙ.
මේ පාර කාලසටහනත් ටිකක් අවුල්. හැමදාම පොඩ්ඩ පොඩ්ඩ වැඩ. සෙනසුරාදත් තියෙනව. වෙන දෙයක් කරන්නත් නෑ. ඒත් ඉතින් මොනව කරන්නද? මොකෝ කාලසටහන වෙනස් කරන්නයැ. ඒකට හැඩගැහෙන්න වෙනව.
ලියන්න හිතාගෙන හිටපුව ලියන්න උනෙත් නෑ. ලඟදිම ඒ ටික දාන්නම්කො..........

Thursday, December 2, 2010

කැළණි සරසවි මිතුරු මිතුරියන්ට පමණයි

මේක මේ කරන්න ඕක කියල ටික කාලෙක ඉඳන් හිතේ තිබුනු දෙයක්. ඒත් අනෙත් වැඩ නිසා කරන්න බැරිවුනා. ඒත් මේ නිවාඩුව ඉවරවෙන්න කිට්ටුව ආයිත් මට මතක් උනා. ඉතින් තවත් කල්දාන්නෙ මොකටද කියල ඔන්න කරල දැම්ම. දවස් දෙක තුනක් දඟලල ඔන්න වැඩේ ගොඩ දා ගත්ත.


b;ska fudllao fï jefâ' Thd,;a okakjfk wmsg GPA tl yod.kak .shdu ú¢kak fjk ÿl' talg úiªula úšhg ;uhs fï jevigyk yeÿfj' f;dr;=re .kafk wfma úYaj úoHd,Sh f;dr;=re moaO;sfhka' ta ksid m%;sM, we;=,;a lrkak ´k kE' we;=,;a lrkak ´k fjkafk Thdf. YsIH wxlhhs uqr mohhas ú;rhs'
mdúÉÑ lr, n,, úia;r Ÿhkakfld' ;j jeäšhqKq lrkak tal m%fhdackj;a fjhs' fu;kska .kakfld jevigyk'
wd ;j tlla' ±kg fïl jevlrkafk úkafvdaia tlal ú;rhs ug ysf;k úšhg' jevigyk kï fmdähs'^Ÿf,d nhsÜ 500 hs& ta;a Thdf. mß.Klfh fvdÜ fkÜ *af¾ïjla tl ke;akï tal vjqkaf,daâ lr.kshs' tfyu Wfkd;a kï álla fj,d hhs'


m',s'

Tkak uu l,ska tfla wvqmdvq ál;a yo, w¨;a j¾Ika tlla ±ïu' w¨;a tflaš GNST úIhka w;dßkj' ta jf.au f,d.a wjqÜ fjk tl;a yeÿj' Wv ;sfhk ,skala tfla ±ka ;sfhkafk wˆ;a tl' mrk tl od,;sfh; wh fïl odkak l,ska mrK tl whska lr, bkak'


wmsg l,ska ^ta Ÿhkafk 2007 g l,ska & wjqreÿ j, whg m%;sM, j,g fok ,l=Kq fjkia Ÿh, uu ±k.;af; fïl yeÿjg miafihs' ta .ek udj ±kqj;a lrmq ykais wlalg;a" mfndao whshg;a fndfydau ia;+;shs' Tkak tal;a yeÿj' fï ixialrKh fof.d,a,kagu mdúÉÑ lrkak mq¨jka' fu;kska' .kakfld' mrk tl od,;sfh; wh fïl odkak l,ska mrK tl whska lr, bkak'

Tuesday, November 30, 2010

යුනිකෝඩ් නැතිව සිංහල ලියමුද? - තෙවන කොටස

කලින් ලිපියෙන් කිව්වනෙ වැඩේ කරගන්නෙ කොහොමද කියල. කියෙව්වෙ නැත්නම් පලමු සහ දෙවන ලිපි කියවල ඉන්න. එත් අපිට එතෙන්දි ප්‍රශ්නයක් ආවනෙ.ඒකට හේතුව තමයි cufon font generator එක හදල තියෙන්නෙ ඉංග්‍රීසි ෆොන්ට් වලටනෙ. ඉතින් ඉංග්‍රිසි වල ඉස්පිලි පාපිලි නෑනෙ. එහෙම කියල වැඩේ අතඇරල දාන්නත් බෑනෙ. විසඳුමක් හොයන්න හිතාගෙන ෆොන්ට් එකෙන් හදාගත්තු ජාවා ස්ක්‍රිප්ට් එක විවෘත්ත කරල බැලුව. මුලින්ම නම් කිසිම දෙයක් තේරෙන්නෙ නෑ. 
ඒත් ටිකක් කල්පනාවෙන් පහලට බලාගෙන යද්දි රටාවක් පේනව.  
ඔය තියෙන්නෙ අපිට ඕනකරන දේ. ඔය මම කහ පාටින් සලකුණු කරල තියෙන තැන් වලින් තමයි පේලියක් පටන්ගන්නෙ. එක පේලියක් අරගෙන බලමු. 
"d":{"d":"62,-95v0,-43,-11,-78,-61,-72r0,-16v58,-3,77,33,77,87v0,60,-18,100,-77,95r0,-14v50,3,61,-24,61,-80","w":85}
 මුලින්ම තියෙන්නෙ අකුර. ඊලඟට සඟල වරහන් අතුලෙ තියෙනව එ අකුර අඳින්න ඕනකරන දත්ත ටික. මුලින්ම තියෙන්නෙ අකුර අඳින්න අවශ්‍යකරන ඛණඩාංක. ඔන්න අන්තිමටම තියෙනව අපි හොයපු දේ. අකුරෙ පළල. ඒක තියෙන්නෙ මෙහෙමනෙ. "w":85 
එ කියන්නෙ d අකුරෙ පළල 85 ක්. විජේසේකර යතුරු පුවරුව අනුගමනය කරන ෆොන්ට් එකක් නම් අපිට වෙනසක් කරන්න ඕන වෙන්නෙ a,A,s,S,q,Q,=,% වගේ ඉස්පිලි පාපිලි වලට භාවිතා කරන අකුරුනේ. ඒ අකුරු වලට අදාල කේතයන් අරගෙන බැලුවොත් ඔයාලට පෙනෙයි ඒවායේ පළල 0 විදියට තමයි තියෙන්නෙ. එතන අගය -1 කරන්න. එතකොට වැඩේ හරි. 
අර මම දීපු උදාහරනෙ තියෙන කේත්යෙ මේ වෙනස්කම් කරල බලන්න. එත්කොට ඔයාලටම මේක අත්දකින්න පුලුවන්. ඒක ගත්තෙ නැත්නම් මෙතනින් ගන්න.
ඔන්න මම වෙනස්කරපු අමාලි ෆොන්ට් එකේ කේතයත් දානව. ඒක මෙතනින් අරගෙන අර උදාහරනෙ තියෙන එක වෙනුවට දාල බලන්න. වෙනස බලාගන්න පුලුවන්.
Tkak wms hqksfldaâ ke;sj isxyf,ka ,shuqo@ ,sms fm,a wjidkhg weú;a' ñka bšßhg jeäšhqKq ŸÍu Tng ndrhs' fjkialï lr, n,kak' Thdg;a w¨;a fohla fydhd.kak mq¨jka fjhs' Tkak b;ska fï ál wud,s f*dkaÜ tflkau ,sh, ±ïu' ^ke;akï fuÉpr oÕ,mq tflka jevla kEfk& uf.a ,sms fm, m%fhdacka fjkak we;s Ÿh, ys;kj'

Saturday, November 27, 2010

යුනිකෝඩ් නැතිව සිංහල ලියමුද? - දෙවන කොටස

ඔන්න කලින් ලිපියෙන් පොරොන්දු උන විදියට මම දැන් කියන්න යන්නෙ කොහොමද ෆොන්ට් එකක් ජාවා ස්ක්‍රිප්ට් එකකට හරවගන්නෙ කියල. ඒත් ඊට කලින් කියන්න දෙයක් තියෙනව. කලින් ලිපියෙදි අමතකවුනා කියන්න, කොහොමද මේක වෙන්නෙ කියල. 
මම මේකට භාවිතා කරන්නෙ cufon. cufon කියන්නෙ sIRF (Scalable Inman Flash Replacement) වලට හොඳ ආදේශකයක්. sIRF වලදි කරන්නෙ අකුරු ඊට අදාල ෆ්ලෑෂ් අංගයකින්(flash element) ප්‍රතිස්ථාපනය(replace) කිරීම.  cufon වලදි ෆ්ලෑෂ් අංග වෙනුවට දෛශික චිත්‍රක(vector drawings) භාවිතා කරනව. 
cufon වල කොටස් දෙකක් තියෙනව. එකක් තමයි font generator එක. ඒකෙන් කරන්නෙ අපි භාවිතා ක‍රන ttf හරි otf ෆොන්ට් ජාවා ස්ක්‍රිප්ට් එකක් බවට හරවල දෙන එක. වැඩේ වෙන්නෙ මෙහෙමයි.
දැන් ජාවා ස්ක්‍රිප්ට් එකේ තියෙන්නෙ අකුරු අඳින්න ඕනකරන විස්තර.  අනිත් කොටස තමයි renderer එක. ඒකෙන් තමයි අර අපි හදාගත්ත ජාවා ස්ක්‍රිප්ට් එකට අනූව අකුරු අඳින්නෙ. මේ විස්තර ටික කිව්වෙ තාක්‍ෂණික පැත්තට ටිකක් බර අයට. වැඩි විස්තර ඕන නම් මෙතනින් බලාගන්න.
දැන් අපි වැඩේ පටන්ගමුකො. මුලින්ම කරන්න ඕන අපිට ඕන ෆොන්ට් එක ජාවා ස්ක්‍රිප්ට් එකකට හරවගන්න එක. ඒක මෙතනින් කරගන්න පුලුවන්. ඒකට ගියාම මේ වගේ ෆොර්ම් එකක් තියෙනව. 

 මේකෙන් ඕනකරන ෆොන්ට් ෆයිල් එක ලබාදීල ඒක ජාවා ස්ක්‍රිප්ට් එකකට හරවගන්න පුලුවන්. මම මෙතනදි ඒගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. ඒ ගැන අව්ලක් තියෙනවනම් කියන්න, මම වැඩි විස්තර දෙන්නම්.
වැඩේ හරියට කලානම් ඔයාට ලැබෙයි ජාවා ස්ක්‍රිප්ට් ෆයිල් එකක්. ඒක සුරැකිව තියාගන්න.  
ඊට අමතරව අපිට ඕනවෙනව cufon renderer එකත්. ඒක මෙතනින් ගන්න පුලුවන්. ඒකත් ජාවා ස්ක්‍රිප්ට් එකක්. ඒකත් සේව් කරගන්න.
දැන් ඕනකරන කලමනා ටික නම් හරි. වැඩෙ පටන්ගන්නයි තියෙන්නෙ.
මුලින්ම කරන්න ඕන මේ ජාවා ස්ක්‍රිප්ට් දෙක අපේ බ්ලොග් එකට හරි වෙබ් අඩවියට හරි සම්බන්ධ කරන එක. ඒක කලින් ලිපියෙන් කිව්වනෙ. බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න. බ්ලොගර් පාවිච්චි කරන අය ජාවා ස්ක්‍රිප්ට් දෙක විවෘත්ත කරල අන්තර්ගතය අර මම කියපු විදියට ඇතුලත් කරගන්න.
ඊලඟට තියෙන්නෙ අපිට අවශ්‍ය සිංහල කොටස අපේ වෙබ් පිටුවට ඇතුලත් කරගන්න. සිංහල කොටස යතුරු ලියනය කරගන්න ඔයාගෙ වදන් සකසනය භාවිතා කරන්න පුලුවන් නෙ. ඒ කොටස කරගත්තට පස්සෙ අපේ කේතය මේ වගේ දැකගන්න පුළුවන්.
 ඊලඟට තියෙන්නෙ වැදගත්ම කොටස. ඒ මේ අකුරු ටික දෛශික චිත්‍රක(vector drawings) වලින් ප්‍රතිස්ථාපනය(replace) කරන්නයි. ඒකට කරන්න තියෙන්නෙ මේ කේත කොටස එකතුකරන එක විතරයි.
<script type="text/javascript">
       Cufon.replace('div');
</script>
මේකෙන් කරන්නෙ div එක අතුලෙ තියෙන ඔක්කොම අකුරුදෛශික චිත්‍රක බවට හරවන එක. එතකොට අපේ සම්පූර්ණ කේතයම මේ වගේ දකින්න පුලුවන්.
ඔන්න වැඩේ හරි. දැන් තියෙන්නෙ වැඩේ දුවවල බලන්නයි. බැලුවම තේරෙයි පොඩි අව්ලක් තියෙනව කියල. මෙහෙමනේ පේන්නෙ.
මෙතනදි වෙලා තියෙන්නෙ හැම එකක්ම අකුරක් විදියට අරගෙන. ඉස්පිලි, පාපිලි හැම එකක්ම. ඉතින් ඒවටත් අකුරක ඉඩ තියාගෙන. මම ඒකටත් විසඳුමක් හොයාගත්ත. 
මේක සෑහෙන්න දිග වෙලා. දැනට මේ ටික කරල බලන්නකො. ඉස්සෙල්ලාම බ්ලොග් එකට දාන්නෙ නැතුව නිකන් කරල බලන්න. ඊලඟ ලිපියෙන් කියන්නම් විසඳුම. ඔයාලගෙ පහසුවට උදාහරණයකුත් දැම්ම ඔන්න. ඒක මෙතනින් ගන්න. ගොඩාක් විස්තර කිව්වෙ නෑ ඔයාලට එපා වෙන නිසා. ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් එකේ අහන්න. පටස්ගාල උත්තර ලැබෙයි.

යුනිකෝඩ් නැතිව සිංහල ලියමුද? - පලමු කොටස

අපි හැමෝම ලස්සනට සිංහලෙන් බ්ලොග් ලියන්නෙ යුනිකෝඩ් වලට පිං සිද්ධවෙන්නනේ. ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ බ්ලොග් එකට එන කෙනාගෙ පරිගණකයෙ යුනිකෝඩ් ස්ථාපනය කරල නැත්නම්. අනික තමයි අපිට ඕන විධියෙ අකුරු වර්ග භාවිතා කරන්න බැරිවීම. ඒක නම් වැදගත් වෙන්නෙ බ්ලොග් ලියන අයට වඩා වෙබ් අඩවි නිර්මාණය කරන අයටයි.
,smsfha fï fldgi Ÿhjoaš Thd,g fjkila f;afrhs' fï ál ,shkafk hqksfldaâ j,ska fkfuhs' wud,s wl=re j¾.h Ndú;d lr, idudkH úêhg ;uhs ,sõfj' biair kï fï úêhg ,shmq tlla Ÿhjkak Thdf. mß.Klfh;a ta wl=re j¾.h ia:dmkh lr, ;sfhkak ´k' ta;a uu fï Ÿhk l%ufhš tfyu wjYH keye' tajf.au hqksfldaâ ia:dmkh lr, ;sfhkak;a ´k keye'
මුලින්ම කියන්න ඕන සියළුම කාරණා එක ලිපියකින් කියල ඉවරකරන්න ගියොත් ලිපිය හුඟක් දිග වෙනව. එහෙම උනොත් කියවන්නත් එපා වෙනවනෙ. ඒ නිසා කොටස් වශයෙන් කියනන්නම්.
සිංහලෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීමෙදි නිර්මාණකරුවන්ට මුහුනදෙන්න සිදුවුන ප්‍රධානම බාධකය තමයි කාටත් කියවන්න පුළුවන් වෙන විදියට සිංහල ලියන එක.  යුනිකෝඩ් නෙ දැනට තියෙන හොඳම විසඳුම. ඒත් මම ඉස්සෙල්ල කියපු ප්‍රශ්න වලට විසඳුමක් යුනිකෝඩ් වලින් ලැබෙන්නෙ නැහැනෙ.
දැනට තියෙන හොඳම විසඳුමක් තමයි මම මේ කියන්න යන්නෙ. මේකෙදි කරන්නෙ ෆොන්ට් එක ජාවා ස්ක්‍රිප්ට් එකකට හරවල ඒක හරහා තමයි වැඩේ යන්නෙ.  ඉතින් ඒකට ඕනකරන ජාවා ස්ක්‍රිප්ට් වැඩ කෑලි ටික තමයි මේ ලිපියෙන් දෙන්න යන්නෙ.
ඔයාට ජාවා ස්ක්‍රිප්ට් ගැන දැනුමක් තියෙනව කියල හිතාගෙන තමයි මේක ලියන්නෙ.
ජාවා ස්ක්‍රිප්ට් ෆයිල් දෙක තුනක් තියෙන්ව ලින්ක් කරන්න. Wordpress කරන අයට නම් අව්ලක් නෑ නෙ. සවර් එකට ෆයිල් දාල (upload කරල) ලින්ක් කරන්නනෙ තියෙන්නෙ. මම වගේ බ්ලොගර් භාවිතා කරන අයට තමයි අවුල. මොකද ෆයිල් අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ නෙ. මෙන්න ඒකට විසඳුම.
බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ගිහින් Design ටැබ් එක යටතේ තියන Edit HTML තෝරන්න. එතකොට ලැබෙයි ඔයාගෙ බ්ලොග් එකට අදාල කේත වෙනස් කරන්න. මෙතනදි පරිස්සම් වෙන්න ඕන මොකද ඔයා කරන වෙනස්කම් මුළු බ්ලොග් එකටම බලපාන නිසා. කෝකටත් කියල වෙනසක් කරන්න කලින් Download Full Template යොමුවෙන් ඒක අරන් සුරැකිව තියාගන්න.
දැන් යමුකො වැඩේට. මේ කේතයේ head කොටසෙ title එකට පහලින් මෙන්න මේ කේත කොටස එකතු කරන්න.
<script type='text/javascript'>
//<![CDATA[
PASTE THE JAVASCRIPT CODE HERE
//]]>
</script>
PASTE THE JAVASCRIPT CODE HERE  කියන එක වෙනුවට ඔයාට ඕනකරන ජාවා ස්ක්‍රිප්ට් එක දාන්නයි තියෙන්නෙ. ජාවා ස්ක්‍රිප්ට් කීපයක් දානවනම් එකින් එක වෙන වෙනම ඉහත කේත කොටස භාවිතා කරල දාගන්න. එකේම දෙක තුනක් දාන්න එපා. ඒ වගේම ඔය වාත වෙන ජාවා ස්ක්‍රිප්ට් නම් දාන්න එපා. ගොඩාක් ජාවා ස්ක්‍රිප්ට් දාගන්නත් එපා. එහෙම උනොත් බ්ලොග් එක ස්ලෝ වෙයි.
ඊලඟ කොටසින් කියන්නම් ෆොන්ට් එකක් ජාවා ස්ක්‍රිප්ට් එකකට හරවන හැටි.

Thursday, November 25, 2010

මාසයකුත් ගතවෙලා.........

බ්ලොග් එක පටන් අරගෙන මාසයකුත් ගතවෙලා දන්නෙම නැතුව. සෑහෙන්න කල් ඉඳන් බ්ලොග් ලිව්වා. එක් එක දේවල් ගැන. එත් ලඟදි හිතුන සිංහලෙනුත් එකක් කලොත් හොඳයි කියල. එකක් ලියල බැලුව. ප්‍රතිචාර නම් හොඳයි. දෙවනි එක ලියද්දි සින්ඩියටත් මාව එකතුවෙලා.
ගොඩක් දෙනෙක් ලිපි කියවල තිබුන. තමන්ගෙ අදහසුත් දක්වල තිබුන. හැමෝටම බොහොම ස්තූතියි. ලියන අපේ ශක්තිය ඉතින් කියවන ඔයාලනෙ.
මේ මල් මිට ඔයාලටයි!
දිගටම ලියන්නයි බලාපොරොත්තුව. තාක්ෂනික පැත්තටම බර වෙන එක අවුල් නිසා වෙන වෙන දෙවල් ගැනත් ලිව්ව.
මොකද හිතෙන්නෙ මාසයක් තිස්සෙ මම ආපු ගමන ගැන. ගල්, මුල්, මල් මේ හැම දේටම විවෘතයි. හිතෙන දේ ලියල යන්න. ඒක මට ශක්තියක් වෙයි දිගටම ලියන්න.

Wednesday, November 24, 2010

අගයකිරීම......................

මුලින්ම කියන්න ඕන මේක මම ලියපු කතාවක් නම් නෙමෙයි. මේක මේ ෆාති මට එවපු මේල් එකක තිබුන කතාවක්. මම කලේ කඩ්ඩ සිංහලට හරවපු එක විතරයි. ස්තූතිය ලියපු කෙනාට! (ඒත් කවුද කියල නම් දන්නෙ නෑ)
මේ කතාවෙ කතා නායකයා කලමණාකරණය අංශයෙන් හොඳට ඉහලටම ඉගෙන ගත් තරුණයෙක්. එයා දැවන්ත සමාගමක කලමණාකරු තනතුරකට ඉල්ලුම් කලා. එයාගෙ සුදුසුකම් නිසා පලමු වටයේ සම්මුඛ පරීක්ෂණයෙන් ලේසියෙන්ම සමත් උනා. අවසාන සම්මුඛ පරීක්ෂණය තියන්නෙ සමාගමේ අධ්‍යක්ෂකවරයා විසින්මයි. එයා තමයි අවසාන තීරණය ගන්නෙ.
මේ තරුණයගෙ ඉල්ලුම්පත්‍රය බලපු අධ්‍යක්ෂකවරය දැක්ක මේ තරුණයගෙ අධ්‍යාපන සුදුසු කම් නම් ඉතා ඉහල බව. එයා පාසලේ ඉඳන් පශ්චාත් උපාධි පර්යේශණය අවසානය දක්වාම සෑම වසරකම ඉහලම ලකුණු ලබාගෙන තිබුනා.
 ඉතින් අධ්‍යක්ෂකවරය මේ තරුණයගෙන් ඇහුව "ඔබට පාසලෙන් ශිෂ්‍යත්වයක්වත් ලබුනද?" කියල.
තරුණයගෙ උත්තරය උනේ "නෑ" කියල.
ඒ පාර අධ්‍යක්ෂකවරය ඇහුව "ඔබේ පියාද පාසල් ගාස්තු ගෙව්වෙ?" කියල.
"අපේ තාත්ත නැති වෙද්දි මට වයස අවුරුද්දක් විතර ඇති.  අපේ අම්ම තමයි පාසල් ගාස්තු සියල්ලම ගෙව්වෙ." කියල තරුණය උත්තර දුන්න.
අධ්‍යක්ෂකවරයගෙ ඊලඟ ප්‍රශ්නය උනේ "අම්ම මොනවද කරන්නෙ?" කියල.
ඉතින් මේ තරුණය කිවුව "අපේ අම්ම රෙදි සෝදන්නියක් විදියට වැඩ කරනව" කියල.
"ඔබේ අත්දෙක පෙන්වන්න." කියල අධ්‍යක්ෂකවරය තරුණයගෙන් ඉල්ලුව. ඉතින් මේ තරුණය පුදුමෙන් අධ්‍යක්ෂක වරයට දෑත් දිගුකලා. ඔහුගේ දෑත් සිනිඳුවට සුමුදුවට තියෙනව දැකපු අධ්‍යක්ෂකවරය තරුණයාගෙන් අහුව "ඔබ කවදා හරි අම්මට රෙදි සෝදන්න උදව් කරල තියෙනවද?" කියල.
"නෑ, අපේ අම්මට ඕන උනේ මම හොඳට ඉගෙනගන්නයි. ඉතින් මම හැමවිටම කලේ හොදින් ඉගෙන ගන්න එකයි වැඩි වැඩියෙන් පොත් කියවපු එකයි. අනික මට වඩා වේගයෙන් හොඳින් රෙදි සෝදන්න අම්මට පුළුවන්." කියල තරුණය උත්තර දුන්න.
එතකොට අධ්‍යක්ෂකවරය කිව්ව "මට ඔබෙන් එක ඉල්ලීමක් කරන්න තියෙනව. දැන් ඔබ ගෙදර යන්න. ගිහින් අම්මගෙ අත්දෙක හොඳින් සෝදන්න. ඉන්පස්සෙ හෙට ඇවිත් මාව හමුවෙන්න."
මේ තරුණයට තිබුනෙ කොහොමහරි මේ රැකියාව ලබාගැනීමේ උවමනාවක්.  ඔහු ගෙදර ගිය ගමන්ම සතුටින් "අම්මේ මට ඉඩදෙන්න ඔයාගෙ අත්දෙක සෝදන්න." කියල අම්මගෙන් ඉල්ලාසිටියා. අම්ම සතුටටත් පුදුමයටත් පත් උනා. ඇය ඇගේ දෑත් තම පුතා වෙත දිගුකලා.
තරුණයා සෙමෙන් අම්මගෙ අත් දෙක සෝදන්න පටන්ගත්ත.  ඔහු මේක කරද්දි ඔහුගේ දෑසින් කඳුළු කඩාහලෙන්න පටන්ගත්ත. මේ තමයි ඔහු අම්මගෙ දෑත් දිහා බලපු පලමුවෙනි වතාව. අම්මගෙ අත් හොඳටම රැලි වැටිල තිබුන. ඒ වගේම අතේ හුඟක් තැන් වල හම ගැලවිලා තුවාල වෙලා තිබුන. සමහර තුවාල ඉතාම වේදනාකාරී උනා ඒවා වතුරෙන් සෝදද්දි.
 දැන් තමයි මේ තරුණය තේරුම්ගත්තෙ මේ අත්දෙක හැමදාම කොයිතරම් රෙදිගොඩක් සෝදල තියෙනවද කියල තමන්ගෙ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් ලබාදෙන්න. තමන්ගෙ උපාධිය, අනෙක් අධ්‍යාපනික විශිෂ්ඨතා හා තමන්ගේ අනාගතය වෙනුවෙන් අම්මට ගෙවන්න සිදුවුන මිල මේ අත්වල තියෙන තුවාල බව ඔහුට අවබෝධ උනා.
අම්මගෙ අත්දෙක සෝදල ඉවරවුන ගමන්ම ඔහු අම්මට සෝදන්න ඉතිරිවෙලා තිබුනු රෙදිටිකත් ඉක්මනට සෝදලදැම්ම.
එදා රෑ මේ අම්මටයි පුතටයි ගොඩාක් කාලෙකට පස්සෙ කතාකරකර ඉන්න අවස්ථාව ලැබුන.
ඊලඟ දවසෙ මේ තරුණය, අධ්‍යක්ෂක වරය හමුවෙන්න ගියා. අධ්‍යක්ෂකවරය දැක්ක තරුණයගෙ ඇස්වල කඳුළු පිරිල තියෙනව. "ඔබට කියන්න පුළුවන්ද මොනවද ඔබ ඊයෙ ගෙදරදි කලේ කියල? මොනවද ඔබ ඒකෙන් ඉගෙනගත්තෙ?" අධ්‍යක්ෂකවරය තරුණයගෙන් ඇහුව.
"මම ඊයෙ අම්මගෙ අත්දෙක සේදුවා. ඒවගේම ඉතිරිවෙලා තිබුනු රෙදිටිකත් මම සෝදල දැම්ම." තරුණය උත්තර දුන්න.
"මට කියන්න දැන් ඔබට දැනෙන්නෙ මොනවගේද? " අධ්‍යක්ෂකවරය ආයිත් ඇහුව.
"පළවෙනි කාරණය මම දන් දන්නව මොකක්ද අගයකිරීම කියන්නෙ කියල. මගේ අම්ම නැත්නම් මට අද මේ වගේ සාර්ථක තත්වයකට පත්වෙන්න ලබෙන්නේ නෑ. දෙවැනි කාරණය මම ඉගෙනගත්තෙ මගෙ අම්මගෙ වැඩ වලට උදවු කරන්න ගියාමයි. මම දැන් දන්නව සමහර වැඩ කරන්න කොයිතරම් අමාරුද කියල. තුන්වෙනි කාරණය තමයි මම දන්නව පවුල් සම්බන්ධතාවල වැදගත්කම වගේම වටිනකම අගයන්නත්." කියල මේ තරුණය උත්තර දුන්න.
"මේ තමයි මම හොයපු කලමනකරු. මට ඕන උනේ අනිත් අය කරන උදවු අගයකරන්න පුලුවන්, අනෙක් අය වැඩ කරන්න විඳින දුක තෙරුම්ගන්න පුළුවන් ඒවගේම ජීවිතයේ එකම ඉලක්කය මුදල් නොවන කෙනෙක්වයි. මට ඔහුව හමුවුනා." අධ්‍යක්ෂකවරයා සතුටින් කිව්ව.

මේ කතාව මේ විදියට සතුටුදායක විදියට අවසන් උනත් මේකෙන් අපේ ජීවිත වලට ගන්න තියෙන දේ නම් ඉතාම විශාලයි. ඒ නිසාම මට හිතෙනදේත් මේකට එකතුකරන්න හිතුන.
හැම අධ්‍යක්ෂකවරයෙක්ම නිලධාරීන් බඳවගනිද්දි මේ විදියට හිතනවනම් ආයතනයට වගේම සේවක සේවිකාවන්ටත් ඒක ඉතාම හිතකර වෙනවා. මොකද දැන් ඉන්න වැඩි දෙනෙක් අනිත් අය අගයකිරීම කෙසේ වෙතත් තමන්ට ඉහලට එන්න උදවුකරපු අයවත් අමතක කරලදාල හැමදේම තමන් තනිවවම ලබගත්ත වගේ ඉන්න නිසා.
අපිව මේ තත්වෙට ගේන්න අපේ අම්මයි තාත්තයි කොච්චර මහන්සිවෙලා තියෙනවද, මහන්සිවෙනවද. කොච්චර දුක් විඳල ඇද්ද. සමහර දේවල් මේ කතාවෙ වගේම දරුවො දන්නෙ නෑ. ඒ වගේම අපේ දියුණුවට උදවු කරපු තාමත් උදවු කරන අය කොයිතරම් ඉන්නවද. අපිට ඒ අය කරන දේ අගය කරන්න පුලුවන් නම් ඒක ඒ අයට කොයිතරම් නම් වටිනවද. ඒ නිසා හැමවිටම අනෙක් අය කරන උදවු උපකාර අගයකරන්න පුරුදුවෙන්න. සමහර විට ඒ අය අගයකිරීමක් බලාපොරොත්තු නොවෙන්න පුලුවන්. එත් ඒ අගයකිරීමෙන් එ අය කොයිතරම් සතුටක් ලබනවද කියල කවුරුහරි ඔබව අගය කරපුදාට ඔබටම තේරේවි.
අපි දැන් ඉන්නෙ සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් කියල හිතාගෙන ඉන්න සමාජයකනේ. එත් අනිත් හැමදේම අමතක කරල සල්ලි පස්සෙම දුවන අයට දුවල දුවල හතිවැටිල නැවතිලා බලද්දි  තේරෙයි කවදාවත් සල්ලි වලට ගන්න බැරි, සල්ලි වලට වඩා ගොඩාක් වටින ආදරය, හිතවත්කම්, නෑදෑකම්, සතුට වගේ දේවල් ගොඩක් තමන්ට අහිමි වෙලා කියල. එදාට නම් බොහොම ප්‍රමාද වැඩියි.
ඒ නිසා පොඩ්ඩක් නැවතිලා මේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතන්න.

Sunday, November 21, 2010

Wordpress පරන වෙලාද? එහෙනම් අලුත් කරමු

මේක ලියන්න හිතුනෙ මේ දවස් වල සෙට් වෙලා තියෙන වැඩෙත් මේකට සම්බන්ධ නිසා. ඒ තමයි Wordpress සයිට් එකක් අප්ඩේට් කරල ඒක Speed up කරන එක. ඒක තිබුනෙ 2.2.2 වල. දැන් තියෙන්නෙ 3.0.1 නෙ. ඉතින් ලොකු කට්ටක් කන්න උනා අලුත් එකට ගේන්න. ඉතින් ඒක කරද්දි හොයාගත්තු දේවල් ටික ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන.

Wordpress කියන්නෙ දැනට තියෙන හොඳම CMS (Content Management System - සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. ඔයා දන්නවනම් මටත් කියන්න) එකනෙ. එහෙම කිව්වෙ මේ අවුරුද්දෙ Open Source CMS Hall of Fame award එක දිනාගත්තෙ Wordpress නිසා.ඒ ගැන වැඩි විස්තර ඕන නම් මෙතනින් බලාගන්න පුළුවන්.
ඔයාගෙ බ්ලොග් එකත්  Wordpress නම් පොඩ්ඩක් බලන්න අප්ඩේට් කරලද කියල. නැත්නම් මෙහෙමයි අප්ඩේට් කරගන්නෙ.

 ඊට කලින් කියල ඉන්නම් ඇයි අපි අපේ Wordpress සංස්කරණය අප්ඩේට් කරන්න ඕන කියල. Wordpress සංස්කරණය අලුත් කරන්නෙ එක්කො පරණ එකේ අඩුපාඩුවක් හදල. එහෙමත් නැත්නම් අලුත් දේවල් ටිකක් එකතුකරල. ඉතින් ඇයි අපි අලුත් නොවී ඉන්නෙ?

මුලින්ම බලන්න ඕන ඔයාගෙ Wordpress සංස්කරණය මොකක්ද කියල.  ඒක 2.7 හරි ඊට පස්සෙ ආපු සංස්කරණයක් නම් වැඩේ ලේසියි. මොකද 2.7 වලට පස්සෙ ආපු සංස්කරණ වල Automatic Update Plugin එක තියෙනවා. ඒකෙන් අලුත් සංස්කරණයක් ආවහම ඔයාට ඒක පෙන්වනව ඇඩ්මින් ඒරියා එකෙ. ඉතින් ඔයාට තියෙන්නෙ ඒ ලින්ක් එක ක්ලික් කරන්න. 
ඒත් මම කියන්න යන්නෙ එහෙම නැතුව තමන්ම ඒ වැඩේ කරගන්න හැටියි. (Manual අප්ඩේට් කරන හැටි)
වැදගත්ම කාරණය තමයි ඔයාගෙ Wordpress සංස්කරණය මොකක්ද කියන එක. ඒක 2.9 හරි ඊට වඩා අලුත් එකක් නම් කෙලින්ම 3.0.1 වලට අප්ඩේට් කරන පුලුවන්. ඒත් ඊට වඩා පරන එකක් නම් පිලිවෙලට අප්ඩේට් කරගෙන එන්න වෙනවා. මම අර කියපු එක අප්ඩේට් කරද්දි මට 2.2.2 => 2.3 => 2.5 =>2.6 => 2.7 => 2.9 =>3.0.1 විදියට පිලිවෙලට අප්ඩේට් කරගෙන එන්න උනා.
මුලින්ම  ඕන කරන සංස්කරණ ටික බා ගන්න (Download). ඔයාට ඕන කරන සංස්කරණ මෙතනින් ගන්න පුලුවන්.
ඊට පස්සෙ ඔයාගෙ බ්ලොග් එකේ ඇඩ්මින් ඒරිය එකට ගිහින් සියළුම ප්ලගින් (plugin) නවත්තන්න (disable කරන්න) ඕන. තීම් එකත් සම්මත (default) එකට මාරු කරන්න. කෝකටත් කියල ෆයිල් ටිකයි ඩේටාබේස් එකයි බැකප් (backup) කරගන්න එක හොඳයි.
සර්වර් එකට ලොග් වෙලා wp-config.php ෆයිල් එකයි wp-content, wp-images කියන ෆෝල්ඩර් දෙකයි ඇරෙන්න අනෙක් ඒවා මකල දාන්න. ඔයා අමතර භාෂා අන්තර්ගත කරල තියෙනවනම් wp-includes/languages/ ෆෝල්ඩර් එක මකන්න එපා. ඒ වගේම .htaccess ෆයිල් එක වෙනස් කරලනම් එකත් මකන්න එපා. Wordpress වල එන ෆයිල් හරි ෆෝල්ඩර් වලට අමතරව ඔයා දාපු ෆයිල් හරි ෆෝල්ඩර් හරි තියෙනවනම් එවා මකන්න එපා කියල කියන්න ඔන නෑ නෙ.
ඊටපස්සෙ  බාගත්තු සංස්කරණයෙ ෆයිල් ටික සර්වර් එකට අප්ලොඩ් කරගන්න. මතක ඇතුව අර කියපු ෆයිල් සහ ෆෝල්ඩර් රිප්ලේස් (replace) නොවෙන්න වග බලාගන්න ඕන.
 අමාරු වැඩ ටික නම් ඉවරයි. දැන් කරන්න තියෙන්නෙ අප්ඩේට් ස්ක්‍රිප්ට් එක රන් කරන එක විතරයි. ඒකට කරන්න තියෙන්නෙ ඔයගෙ බ්ලොග් එකේ වෙබ් ඇඩ්ඩ්‍රස් එකේ අගට /wp-admin/upgrade.php කියන කෑල්ල අමුනල එන්ටර් කරන්න එකයි. (ඔයාගෙ බ්ලොග් එකේ වෙබ් ඇඩ්ඩ්‍රස් එක www.me.com නම් www.me.com/wp-admin/upgrade.php ). එතකොට ඔයාට මේ වගෙ පනිවිඩයක් දැකගන්න පුළුවන්.
 ඒකෙන් කියන්නෙ ඔයාගෙ ඩේටාබේස් එක අප්ඩේට් කරන්න ඔන කියල. Update Wordpress Database කියන button එක උඩ ක්ලික් කලා නම් වැඩේ හරි. ටිකක් වෙලා බලා ඉන්න වෙයි ඩේඩාබේස් එක අප්ඩේට් වෙනකම්. ඩේඩාබේස් එක අප්ඩේට් උනාට පස්සෙ පනිවිඩයක් එයි වැඩේ සාර්ථකයි කියල. 
 දැන් කරන්න තියෙන්නෙ නවත්ත්ල දාපු ප්ලගින් ටික ආයිත් එකින් එක නැවත ක්‍රියත්මක කරන එක. මොකද එකින් එක ක්‍රියත්මක කරන්නෙ කියල ඔයාට ප්‍රශ්නයක් ඇති. ඒකට හේතුව තමයි සමහර ප්ලගින් අලුත් සංස්කරණයත් එක්ක ගැලපෙන්නෙ නැතිවෙන්න පුලුවන් නිසා. එකින් එක ක්‍රියත්මක කරල බැලුවම අපිට දැනගන්න පුළුවන්නෙ මොකකද අවුල තියෙන්නෙ කියල. අලුත් සංස්කරණයත් එක්ක ගැලපෙන්නෙ නැති ප්ලගින් තිබුනොත් ඒ ප්ලගින් එකේ අලුත් සංස්කරණය දාගත්තම හරි.
තීම් එකත් පරන එකට මාරු කරල බලන්න. බොහෝ විට අවුලක් නැතිව වැඩ කරයි. තීම් එක මාරු කරන්න කලින් ප්ලගින් ක්‍රියාත්මක කරල ඉන්න. තීම් එකේ අව්ලක් නම් එකෙත් අලුත් එක දාගන්න.
සංස්කරණය අලුත් වෙද්දි ඒ එක්කම ඔයාගෙ බ්ලොග් එකත් අප්ඩේට් කරගත්තා නම් කිසි අවුලක් නෑ. එහෙම නොකර හිටියම තමයි අර මට ලැබුනු වැඩේදි වගේ කරදර වෙන්න වෙන්නෙ. 

දිග වැඩි උනාද මන්ද. එත් ඔක්කොම කියන්නත් එපායැ. මේකට ලැබෙන ප්‍රතිචාර අනූව බ්ලොග් එක වේගවත් කරගන්න හැටිත් කියන්නම්. පැහැදිලි දෙයක් හරි අව්ලක් හරි තියෙනවනම් අහන්න. 

මොනවහරි පහලින් ලියල යන්න, අමතක කරන්න නම් එපා ..................

Friday, November 19, 2010

හීන පිරුණු ජීවිතය..............

ඔයත් හීන දකිනවද?    ඒ    නින්දෙදිද?    අවදියෙන්ද?

මම මේ කියන්න යන්නෙ නින්දෙදි දකින හීන ගැන නම් නෙමෙයි. අපි අවදියෙන් ඉඳගෙන දකින හීන ගැන. නින්දෙදි දකින හීන නම් අවදි වෙද්දි අමතක වෙලා, මැකිල යනව. ඒත් අපි අවදියෙන් ඉඳගෙන අපේ අනාගතය ගැන දකින හීන නම් එහෙම ලේසියෙන් මැකිල යන්නෙ නෑ. ඒ හීන තමයි අපිව ජීවත් කරවන්නෙ. අපේ ජීවිතයට එකම හීනයක් වත් නැත්නම් ඒ ජීවිතය ගතකිරීම අපිටම වදයක් වෙනව. ඒ නිසා සතුටින් ජීවත් වෙන්න නම් අපේ ජීවිතයට ලස්සන හීනයක් නම් ඕනමයි.

ඒ වගේම අනෙක් අයගෙ හීන වලට හිනා වෙන්න නම් එපා. මොකද එයාගෙ හීනය අපිට වටින්නෙ නැති උනාට එයාට ඒක හුඟක් වටින නිසා. ඒ වගේම අනෙක් අයගෙ හීන වලට ඊරිසියා කිරීම වගේම වෛර කරන එකත් හරිම නරක දෙයක්. ඒකෙන් හානි වෙන්නෙ තමන්ටමයි කියල මතක තියාගන්න ඕන.
 
පොඩි කාලෙ ඉඳලම අපේ ජීවිත වල එක එක හීන තිබුන. තාමත් තියෙනව. සමහර හීන නම් දැන් සැබෑ වෙලා. සමහර හීන හැබෑ වෙනකන් අපි බලාගෙන ඉන්නව. එත් සමහර හීන අපෙන් ඈත් වෙලා වියකිලා ගිහින්. 

හිත ඇතුලෙ ගොඩක් කල් හිරවෙලා තිබුනු හීනයක් සැබෑ උනාම අපිට කොච්චර සතුටු හිතෙනවද. ඒ වගේම එ සතුට අපට මගෙ පෙන්වනවා තවත් ඒ වගේ සුන්දර හීන දකින්න.  ඒත් දරාගන්න බැරිතරම් හීන පුරවගත්තොත් නම් සතුටින් ඉන්න අමාරුයි. මොකද  හීන වල බර වැඩි උනාම ජීවිත ගමනේ වැඩි දුරක් යන්න කලින් අපි හති වැටෙන නිසා.

ඒ වගේමයි අපි ආදරෙන් රැකගෙන ආපු හීනයක් අපෙන් ඈත්වෙලා වියකිලා යද්දි නම් අපට ඒක දරාගන්න අමරුයි. එත් අමාරුවෙන් හරි, වියකිලා යන හීනයට වියැකෙන්න ඉඩ දෙන්න. ඒ හිඩැස තවත් ලස්සන හීනයක නවාතැන කරගන්න.  එතකොට ඔයා ආයිත් සතුටින්. 

හැම වෙලාවෙම ඔයාව සතුටින් තියන හීන විතරක් ඔයා ගාවින් තියාගන්න. අනෙක් ඒව මැකිල යන්න ඉඩ දෙන්න. මොකද අපිව සතුටින් තියන්න බැරි හීන අපිටත් වැඩක් නැති නිසා. 

ජීවිතයට ලස්සන හීනයක් තියාගන්න. හැමවිටම සතුටින් ඉන්න.


මේ ගැන ඔයාට හිතෙන දේත් පහලින් ලියල යන්න..................................... 

Monday, November 1, 2010

වෙනස................

ලිපියේ මාතෘකාව දුටු විට මේ ලිපිය කුමක් ගැන දැයි ඔබ කල්පනා කරනු ඇත. මෙම ලිපිය ලියන්නට සිතුනේ අහම්බෙන් දක්නට ලබුනු දෙයක් නිසයි.
මා මෙන්ම ඔබත් බොහෝවිට නොදන්නා දෙයක් සොයාගන්නට යොදාගන්නේ Google ය. ගූගල් ප්‍රධාන පිටුව (www.google.com) මෙන්ම විවිධ රටවලට වෙන් වූ පිටුද තිබේ. අප රටටද වෙන් වූ පිටුවක් තිබේ. (www.google.lk) ඒ අප රටේ සොයන්නන් ගේ පහසුව තකාය.
 එමෙන්ම යමක් සොයන්නට අදාල වචනයේ හෝ වාක්‍යයේ මුල් අකුරු කීපය ඇතුලත් කරන විට එම අකුරු මුලට ඇති නිතර සොයන යෙදුම් එනම් සෙවුම් ඉඟි කීපයක් පෙන්වයි. අප සොයන්නට යන්නේ එයින් එකක් නම් අදාල යෙදුම තෝරා පහසුවෙන් සෙවුම කරගත් හැක.
නමුත් මා කියන්නට යන්නේ සෙවුමක් කරන අයුරු නොවේ. එය ඔබ හොඳින් දන්නා කරුනකි. නමුත්  මෙම සෙවුම් ඉඟි මගින් කියනු ලබන තවත් කතාවක් තිබේ. ඒ සොයන්නන් ගේ පැටිකිරියයි. සෙවුම් ඉඟි ලෙස පෙන්වන්නෙ ඒ දින වල වැඩිපුරම සොයන දේ ය. එනම් එම රටේ (හෝ එම පිටුව භාවිතා කරන) සොයන්නගෙන් බහුතරයකගේ අවශ්‍යතාවයයි.
මා යමක් සොයන්නට ගොස් google.lk හි 'how to' යනුවෙන් ටයිප් කර හිස්තැනක් තැබූ විට ලැබුනු සෙවුම් ඉඟි මෙසේය.
මෙය දුටු විට අදහස් දෙකක් මගේ හිතට අවේය. එකක් මගේ පෙර ලිපිය කෙතරම් වැදගත් ද කියාය. අනෙක අපේ රට කොතැනකට යනවාද කියාය.
ඉන්පසු මම ගූගල් ප්‍රධාන පිටුවේත් තවත් ප්‍රධාන රටවල් කීපයකත් පිටු භාවිතා කර මෙම ක්‍රියවම කලවිට මට මෙම ලිපිය ලියන්නට සිත්වූ "වෙනස" දැකගන්නට ලබුණි. 
 
මේ ගූගල් ප්‍රධාන පිටුවෙන් ලද ප්‍රතිඵලයි

 
මේ ජපානයෙන් ලද ප්‍රතිඵලයි
මේ බ්‍රිතාන්‍යයෙන් ලද ප්‍රතිඵලයි

වෙනස ඔබටම වැටහෙනු ඇත. මෙය වෙනස්කල හැක්කේ ද අපටමය.

මේ පිලිබඳ ඔබගේ අදහස් ද මම බලපොරොත්තු වෙමි.

Monday, October 25, 2010

ඔයාගෙ FACEBOOK එකවුන්ට් එක hack කරලද?

ෆේස්බුක් කියන්නෙ ලොකයේ ජනප්‍රියම සමාජ ජාල අඩවි වලින් එකක්. දැන් ලංකාවෙත් ගොඩක් අය ෆේස්බුක් භාවිතා කරනවා. මිතුරු මිතුරියන් හදුනගන්න වගේම තමන්ගෙ තොරතුරු යාලුවන් එක්ක හුවමාරු කරගන්නත්, දුර ඈත ඉන්න යාලුවන් එක්ක සම්බන්ඳතා පවත්වගන්නත් ෆේස්බුක් ලබා දෙන්නෙ මනා පිටිවහලක්.
හුඟක් අයගෙ ඉතා වැදගත් තොරතුරු වගේම ඡායාරූපත් ෆේස්බුක් එකවුන්ට් එකෙ තියෙනවා.
 එත් කවුරුහරි ඔයාගෙ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරල ඒකෙ තියෙන තොරතුරු, පින්තූර වෙනස් කලොත්, එහෙමත් නැත්නම් අනවශ්‍ය තොරතුරු හෝ පින්තූර එකතු කලොත් ඔයාට කරන්න දෙයක් නහැ. හැක් කරන කෙනා ඔයාගෙ ලොග් වෙන username, passward වෙනස් කලොත් ඔයාට එකවුන්ට් එකට ලොග් වෙන්නවත් බැරි වෙනව. එත්කොට ඔයාට එක්කො එකවුන්ට් එක disable කරන්න වෙනව, නැත්නම් එකවුන්ට් එක recover කරන්න වෙනව. (එකවුන්ට් එක recover කරගන්න හැටි මම් ඊලඟ ලිපියෙන් කියන්නම්)


එත් අශ්වයා පැනල ගියට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නැහැ නෙ. අපි බලමු අපේ ෆේස්බුක් එකවුන්ට් එක හැකර් කෙනෙකුගෙන් ආරක්ෂා කරගන්නෙ කොහොමද කියල. දැනට ෆේස්බුක් එක්වුන්ට් හැක් කරන්න වඩිපුරම භාවිත කරන වගේම පහසුම ක්‍රමය තමයි ඔයාගෙ email එක (ඔයා ෆේස්බුක් එක්වුන්ට් එකට ලොග් වෙන්න භවිතා කරන) භාවිතා කරල ඔයාගෙ ෆේස්බුක් එක්වුන්ට් එක හැක් කරන එක.


මේකවලක්වගන්න තියෙන හොදම ක්‍රමය තමයි ඔයාගෙ email එක අනිත් අයට දැනගන්න නොදෙන එක. ඒක කරන හැටි තමයි මම මේ ලිපියෙන් කියන්න යන්නෙ.


සාමාන්‍යයෙන් ඔයගෙ email එක profile එකේ පෙන්වනවා.  profile එකට ගියාම ඔයාගෙ profile එක edit කරන්න ලින්ක් එකක් තියෙනවා.


ඒක ක්ලික් කලාම එන screen එකෙන් Contact Infomation කියන එක තෝරගන්න ඔන.
දැන් ඔයාට ඔයාගෙ Contact Information බලාගන්න පුලුවන්. එතන තියෙන Add / Remove Emails කියන ලින්ක් එක උඩ ක්ලික් කරන්න.

 දැන් Adjust your email visibility කියන ලින්ක් එක ක්ලික් කරන්න.
 දැන් ඔයාගෙ Contact Information පෙන්වන්නෙ කාටද කියල පෙන්වනවා.
 මේකෙ Customize Settings ලින්ක් එක ක්ලික් කලාම visibility settings වෙනස් කරන්න අවස්ථාව ලබෙනවා. පහලින්ම තියෙනව Contact Information visibility වෙනස් කරන්න.
 ඊ මේල් එක ඉස්සරහ තියෙන ලිස්ට් එකෙන්, ඊ මේල් එක පෙන්වන්න ඔන කාටද කියල තෝරන්න.
 නමුත් ඒ ලිස්ට් එකේ ඊ මේල් එක හැමෝගෙන්ම හංගන්න අවස්ථාවක් දෙන්නෙ නෑ. ඒ සඳහා ලිස්ට් එකෙන් Customize කියන එක තෝරාගන්න. එවිට පහත අකරයෙ වින්ඩෝවක් ලබෙනවා.
ඒ වින්ඩෝවෙ තියෙන ලිස්ට් එකෙන් Only Me යන්න තෝරන්න.


 ඉන්පසු Save Settings බොත්තම මත ක්ලික් කරන්න. දැන් ඔබේ Profile එකට ගොස් බලන්න. ඊ මේල් එක පෙන්වන්නේ නැත.
ඔයාගෙ එකවුන්ට් එකේ ආරක්ෂාවට මුලින්ම අලුත් ඊ මේල් ලිපිනයක් යොදා එය අන් අයගෙන් සඟවා තබන්න. ඔබගේ username, passward අන් අයට ලබාදීමෙන් වලකින්න. ඔබගේ පෞද්ගලිකත්වය රැකගන්න.

වැදගත් කියල හිතෙනවනම් comment එකක් දාල යන්න. ඒක මට හුඟක් වටිනවා.