හිස් අහස වසාගෙන
තරු රැසක් දිදුල මුත්
එකම එක සඳ මඬල
සිත් අහස පුරාවට.....
ඊයෙ අද මෙන් හෙටද
බිඳළුවේ දිවි අඳුර
එකම එක සඳක් මිස
තරු වලින් නොවේමය.....
අව අටවකින් පසුව
අමාවක ලබන මුදු
පුර සඳේ රුව ගුණය
සදා ඇත සිත කොනක.....
පුර පසින් වැඩි වැඩී
සුපුන් සඳ නැගෙන තුරු
සිත පුරා රැඳි සුවඳ
දිරි කරන් මග බලමි.....