Saturday, July 29, 2017

ස්මාර්ට් විදියට බ්ලොග් කියවමු . . .

බ්ලොග් කියවන අයට ( විශේෂයෙන් මම වගේ) තියන ගැටලුවක්නෙ අලුත් පොස්ට් හොයගන්න එක. ගොඩ දෙනෙක් සින්ඩි වලින් හොයාගන්නව. සමහරු මූනුපොතේ ශෙයා කරාම බලනව. කොහොමහරි වෙන්න ඕන කියවන එකනේ.

මටත් හිතුන සින්ඩියක් කරන්න. හැබැයි වෙනස් විදියකට. හැමදාමත් ඇප්ස් එක්ක ඔට්ටුවෙන එකේ ඇයි බැරි සින්ඩි ඇප් එකක් කරන්න. ඉතින් වැඩේ පටන් අරන් කරගෙන ගියා අන්ඩ්‍රොයිඩ් වලට. පලවෙනි නිකුතුව දැම්ම .............. හිතවත් කීපදෙනෙකුට කිව්ව දාගෙන බලන්න කියල. වැඩේ අව්ලක් නෑ වගේ. ඒ අතරෙ වැදගත් වෙයි කියල හිතෙන තවත් අංගෝපාංග ටිකක් එකතුකරල ඊලඟ නිකුතුවත් දැම්ම. දැන් තියෙන්නෙ පොදුවේ ආරාධනය කරන්න හැමෝටම මේක පාවිච්චි කරල බලන්න කියල.


"අපේ සින්ඩිය" ලෙසින් කලඑලි බහින මගේ ඇන්ඩ්‍රොයිඩ් සින්ඩි ඇප් එක google play store එකෙන් ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතනයටත් දාගෙන බලන්න. මේ පින්තූරෙ තියන QR කෝඩ් එකෙන් ලේසියෙන්ම අැප් එක හොයාගන්න පුළුවන්.


හැම සින්ඩියක වගේම මගේ එකෙත් අළුත් ලිපි පෙන්වන තීරුවක් තියනව. ඊට අමතරව ඔයා කැමතිම බ්ලොග් වෙන්කරගන්නත් පුළුවන්. බ්ලොග් ලැයිස්තුවේ අදාල බ්ලොග් ලිපියෙ තියන තරු සලකුණ ඔබල Favorites ලැයිස්තුවට දාගත්තම හරි.


ලිපියක් තේරීම මගින් ඒක කියවන්න පුළුවන්.


අළුත් ලිපි Notification මගිනුත් ඔබට දන්වනව. ඒ් නිසා අළුත් ලිපි ඔබට මග අැරෙන්නෙන් නෑ.


මේක පාවිච්චි කරල බලන්න මම ඔබට අාරාධනා කරනව. ඒ් වගේම හොඳ නරක කියන්නත් අමතක කරන්න එපා.