Saturday, July 29, 2017

ස්මාර්ට් විදියට බ්ලොග් කියවමු . . .

බ්ලොග් කියවන අයට ( විශේෂයෙන් මම වගේ) තියන ගැටලුවක්නෙ අලුත් පොස්ට් හොයගන්න එක. ගොඩ දෙනෙක් සින්ඩි වලින් හොයාගන්නව. සමහරු මූනුපොතේ ශෙයා කරාම බලනව. කොහොමහරි වෙන්න ඕන කියවන එකනේ.

මටත් හිතුන සින්ඩියක් කරන්න. හැබැයි වෙනස් විදියකට. හැමදාමත් ඇප්ස් එක්ක ඔට්ටුවෙන එකේ ඇයි බැරි සින්ඩි ඇප් එකක් කරන්න. ඉතින් වැඩේ පටන් අරන් කරගෙන ගියා අන්ඩ්‍රොයිඩ් වලට. පලවෙනි නිකුතුව දැම්ම .............. හිතවත් කීපදෙනෙකුට කිව්ව දාගෙන බලන්න කියල. වැඩේ අව්ලක් නෑ වගේ. ඒ අතරෙ වැදගත් වෙයි කියල හිතෙන තවත් අංගෝපාංග ටිකක් එකතුකරල ඊලඟ නිකුතුවත් දැම්ම. දැන් තියෙන්නෙ පොදුවේ ආරාධනය කරන්න හැමෝටම මේක පාවිච්චි කරල බලන්න කියල.


"අපේ සින්ඩිය" ලෙසින් කලඑලි බහින මගේ ඇන්ඩ්‍රොයිඩ් සින්ඩි ඇප් එක google play store එකෙන් ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතනයටත් දාගෙන බලන්න. මේ පින්තූරෙ තියන QR කෝඩ් එකෙන් ලේසියෙන්ම අැප් එක හොයාගන්න පුළුවන්.


හැම සින්ඩියක වගේම මගේ එකෙත් අළුත් ලිපි පෙන්වන තීරුවක් තියනව. ඊට අමතරව ඔයා කැමතිම බ්ලොග් වෙන්කරගන්නත් පුළුවන්. බ්ලොග් ලැයිස්තුවේ අදාල බ්ලොග් ලිපියෙ තියන තරු සලකුණ ඔබල Favorites ලැයිස්තුවට දාගත්තම හරි.


ලිපියක් තේරීම මගින් ඒක කියවන්න පුළුවන්.


අළුත් ලිපි Notification මගිනුත් ඔබට දන්වනව. ඒ් නිසා අළුත් ලිපි ඔබට මග අැරෙන්නෙන් නෑ.


මේක පාවිච්චි කරල බලන්න මම ඔබට අාරාධනා කරනව. ඒ් වගේම හොඳ නරක කියන්නත් අමතක කරන්න එපා.

Tuesday, April 5, 2016

Panama Paper වලින් හෙලිවන තතු

ICJT නොහොත් International Consortium of Investigative Journalists නැමති සංවිධානය විසින් මුදල් අයථා පරිහරණයට සාක්ෂි සපයන රහසිගත ලිපිගොනු මිලියන 11.5 ක් ප්‍රසිද්ධ කර තිබෙනවා. රටවල් 50ක දේශපාලනඥයන් 150ක්, අායතන 21 සහ තවත් බොහෝ ප්‍රභල පුද්ගලයන් රැසක තොරතුරු ඒ් අතර වනවා.

පහත සඳහන් who did what, and how මත ක්ලික් කර වැඩි විස්තර බලාගන්න.

Thursday, June 12, 2014

ඉතින් කොහොමෙයි . . . . . . ? හුඟකාලෙකට පස්සෙ . . . .

සෑහෙන්න දවසකින්නෙ හරිහමන් නිවාඩුවක් හම්බවුනේ. ගේ එහෙම ටිකක් අස් පස් කරල දාල, නිවාඩු පාඩුවෙ උයාගෙන කාල එහෙම ඉන්න අතරෙ හිතුන බ්ලොග පැත්තට ඇවිත් මකුළුදැල් එහෙම කඩල පොඩ්ඩක් අළුත් කරල ගන්න.

ඉතින් කොහොමද ඔයාට? මට මේ පැත්තෙ එන්න බැරිවුනාට ඔයානම් මේ පැත්තෙ ඇවිත් හොයල බලල ගිහින් තියෙනව කියල හිට් කවුන්ටරේ බලපුවාම පේනව. බොහෝම ස්තූතියි මාව බලන්න ඇවිත් යනවට.

පහුගිය මාස දෙක තුන කියන්නෙ සංක්‍රන්ති සමයක්. රැකියා සථානය වෙනස් වුනා. කාමරේකට හිරවෙලා තිබුනු ජීවිතෙන් මිදිල අත පය දිගෑරල ඉන්න පුළුවන් තැනකට මාරු උනා. කඩේ කෑමට සමු දීල උයාගෙන කන්න පටන්ගත්ත. මේ වගේ ගොඩක් වෙනස්කම් වෙච්ච කාලයක් තමා පහුඋනේ. (මෙහෙම කියද්දි සමහරු පුදුමවෙලා අහනව . . . . . ත් මාරු කලාද කියලත්. නෑ නෑ බයවෙන්න එපා. ඒක සුපුරුදු පරිදි තියෙනව කිසිම වෙනසක් නැතුව)

ඔය අතරෙ බ්ලොගේ ආයෙත් ලියවන්න ඉල්ලීම්, යෝජනා, චෝදනා, ආයාචනා, තර්ජන,  ගර්ජන, බලපෑම්, සුදු වෑන්, මැර තර්ජන වගේ දේවල් පවා ආවත් මම නෙමෙයි ඒවයින් සැළුනෙ. ;)


ඒත් ඉතින් මෙච්චර කාලයක් ඇදගෙන ආපු එක නිකන්ම වහල දාන්නෙ කොහොමද. සමහර යාළුවො හම්බුනාම කියනව පසන් ඔයාගෙ අර "මූණුපොත හොරු ගනීද?" ලිපිය බලල තමයි මාත් මගේ එකේ් සෙටිංස් හදාගත්තෙ කියල. තවත් කෙනෙක් කියනව අයියෙ අර "වින්ඩෝස් 7 වල wifi access-point එකක් හදමු......" ලිපිය හරිම ප්‍රයෝජනවත් උනා කියල. ඒ වෙලාවට පුංචි ආඩම්බරයක් ඇතිවෙනව අනේ මම පොඩි හරි වැදගත් දෙයක් කලා නේ කියල. (පොඩි ඇඩ් එකක් දාගත්තද මන්ද . . .)

හප්ෙප් මේ අවුරුද්දටම මක්කවත් ලියල නෑ නෙව. මාව එල්ලන්න එපැයි නේද . . . . බලමුකෝ මොනවහරි කරන්න. එහෙනම් ගිහින් එන්නම්කො . . . !

Tuesday, November 19, 2013

අමතක වෙන්න කලින් ලියල තියාගන්න - ගූගල් කීප්

නිතරම ජාලයේ සැරිසරන අපිට විවිධාකාරයේ දේවල් හම්බ වෙනවනෙ. එවෙලෙට මතක තිබුනත් පස්සෙ වෙලාවක හොයද්දි මතක නෑ. ඉතින් ඇවිදපු තැන් පීර පීර හොයන්න වෙනව. 

අහුවුන වෙලාවෙ කොහේහරි සටහනක් දාගත්තනම් හරි. 

ඒත් කොහෙද දාගන්නෙ? 

ගොඩක් අය පුරුදුවෙලා ඉන්නෙ මේල් එකේ ඩ්‍රාෆ්ට් එකක් දාගන්න. එහෙමත් නැත්නම් ටෙක්ස්ට් ෆයිල් එකක දාල තියාගන්න.

මම මේ කියන්න යන්නෙ ඊට වඩා පහසු ලස්සන ක්‍රමයක් ගැන. පුංචි පුංචි සටහන් දාගන්නත් චෙක් ලිස්ට් දාගන්නත් පුළුවන්කම ඒකෙ තියෙනව. ඒ තමයි ගූගල් කීප් සේවාව.



ගිහින් බලල කියන්නකො කොහොමද කියල. https://drive.google.com/keep/