Monday, July 25, 2011
අහස......
අහස හරිම පුදුමාකාරයි. වෙලාවකට ලස්සනට හිනාවෙනව. බලා ඉන්න හරිම ආසයි. තවත් වෙලාවකට හොඳටම දුක හිතිල වගේ අඬන්න ඈස් බර කරන් බලන් ඉන්නව. එහෙම ඉන්න බැරිවෙනකොට කඳුළු කැට කඩා හැලෙනව. සමහර වෙලාවට ඒ කඳුළු වලින් අපි යටවෙලා යන තරමට අහස අඬනව. තවත් වෙලාවකට අහස හරිම දරුණු වෙනව. හෙන හඬ නගල, ගර්ජනා කරල අපිව බය කරනව. ටික වෙලාවකින් ආයිත් සන්සුන් වෙලා මොනවත් නොවුනු ගානට හිනා වෙනව.
අහස හිනා වෙනකොට හැමෝගෙම හිත් සතුටින් පිරෙනව. ඒ අහසෙ හිනාව, අහස යට ඉන්න අපේ හිත් වලටත් කාන්දු වෙන නිසා කියලයි මට හිතෙන්නෙ. මම අහසට මේ තරම් ආදරය කරන්නෙ ඒ නිසයි.
අහස දුකෙන් බරවෙලා තියනකොට එහෙමත් නැත්නම් ඉකි ගගහ අඬනකොට අහස යටට වෙලා අහස දිහා බලා ඉන්න අපිටත් කොයි තරම් දුකයිද. ඒත් මේ මහ පොලව සරු කරන්න නම්, අපිට ජීවය දෙන්න නම් අහසට අඬන්නම ඕන. අහස හෙලන ඒ ආදරය පිරිච්ච කඳුළුකැට නැත්නම් මේ හැම දෙයක්ම වේලිලා ඉරි තලල යයි.
තරහ ගියාම නම් අහස ගොඩාක් දරුණුයි. බලන්න බය හිතෙන තරමට දරුණුයි. ඒ වෙලාවට නම් අපිට කරන්න පුළුවන් අහස සන්සුන් වෙනකන් බලාඉන්න එක විතරයි.
අහසත් මහ පොලව වගේම හැමදේම උහුලනව. ඒත් අහසට මහ පොලව තරම් ඉවසන්න නම් බෑ. ඒකයි ටිකක් බර වැඩිවුනු ගමන් නිකන්ම කඩාහැලෙන්නෙ.
කොයි තරම් දුක හිතුනත්, තරහ ගියත් ටික වෙලාවකින් ඒ කිසි දෙයක් නොවුනු ගානට අහස අපි එක්ක හිනා වෙනව. එ තමයි අහසෙ හැටි.......................
Subscribe to:
Post Comments (Atom)
අපුරු සටහනක්... ගොඩක් හිත් ගත්තා..
ReplyDeleteහැබැයි කොච්චර එහෙම වුණත් අහස දිහා බලාගෙන ඉන්දෙත්දි මහ හිස් බවක් දැනෙන්නැත් ද ? මන්දා මටනම් ගොඩක් වෙලාවට එහෙම දැනිල තියෙනවා...
බොහොම ස්තූතියි අදහසට!!!!!!!!!!!!!
ReplyDeleteඅහස දිහා බලාගෙන ඉන්නකොට මොකක්දෝ අඩුවක් දැනෙනව තමා. ඒත් ඒ නිසාම වෙන්න ඇති ආයෙමත් අහස දිහා බලන්න හිතෙන්නෙ.