මේ ගැටළුවට මුහුණ දෙන්න සිද්ධවුනේ maven වලින් project එකක් build කරන්න යද්දි. එතකොට මෙන්න මේ exception එක දැකගන්න ලැබුන.
[INFO] excludes = [][INFO] /home/pasan/works/vCity/event/self-care/ussd/src/main/scala: -1: info: compiling [INFO] Compiling 34 source files to /home/pasan/works/vCity/event/self-care/ussd/target/classes at 1376626708173 [ERROR] error: error while loading <root>, error in opening zip file.......
.......මේකෙන් කියවෙනව "error in opening zip file" කියල කතාවක්. මේක Scala (හෝ java ) project එකක් නිසා ගැටළුව වියයුත්තේ .jar ෆයිල් එකකයි. ඉතින් කොහොමද හොයාගන්නෙ මොන .jar ෆයිල් එකේද ප්රශ්නෙ තියෙන්නෙ කියල.
එතෙන්දි මගේ පිහිටට ආවෙ මෙන්න මේ විධානය. විධානයක් කිවුවට මේක විධාන කීපයක එනතුවක් ස්ක්රිප්ට් එකක් කිවුවොත් වඩාත් නිවැරදියි.
find . -name *.jar -exec bash -c "echo {} && jar tvf {} | head -n 1" \;මම කලේ ලිනක්ස් ටර්මිනල් එකෙන් .m2 රිපො එකේ මේ කමාන්ඩ් එක රන් කරපු එකයි. මේකෙදි තියන හැම .jar ෆයිල් එකක්ම පරික්ෂා කරනව. ටර්මිනල් එක දිහා බලාගෙන ඉන්නකොට පෙනෙයි .jar ෆයිල් පරික්ෂා කරගෙන යනව. ඒ අතරෙ සමහර .jar ෆයිල් යටතේ "error in opening zip file" දෝශය පෙන්වන exception එක දැකගන්න ලැබෙයි. ඔයාට කරන්න තියෙන්නෙ අදාල .jar ෆයිල් එක හොඳ .jar ෆයිල් එකකින් ප්රතිස්ථාපනය (replace) කිරීම විතරයි.
No comments:
Post a Comment