Monday, April 2, 2012

වින්ඩෝස් 7 වල wifi access-point එකක් හදමු......

ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාව යාළුවොත් එක්ක බෙදාගන්න ඕන උනොත් මොකද කරන්නෙ. wifi තියනවනම් කරන්න තියෙන්නෙ ad-hoc එකක් හදල ඒකෙ තමුන්ගෙ  අන්තර්ජාල සම්බන්ධතාව ‍ෂෙයාර් කරන එකයි. ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ ඔයත්  අන්තර්ජාලයට සම්බන්ධවෙන්නෙ  wifi වලින් නම්. ඒ වගේමයි සමහර ඩිවයිස් වලින්  ad-hoc වලට සම්බන්ධ වෙන්න බැහැ. (මට මේ ක්‍රමය ඕන උනේ මගේ app ටෙස්ට් කරන Windows Phone 7 ඩිවයිස් එක ලැප් එකේ හදපු  ad-hoc එක අඳුනගත්තෙ නැති නිසා)
මේකට විසඳුම තමයි  wifi access-point එකක් හදාගන්න එක. මෙතෙන්දි අපේ ඇත්ත wifi ඇඩැප්ටර් එක මත පදනම් වෙලා වර්චුවල් wifi ඇඩැප්ටර් එකක් හදාගන්නව. කරගන්න විදිය පියවර වශයෙන් කියන්නම්.
  1. මුලින්ම ඩොස් ප්‍රොම්ප්ට් එක ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට රන්  කරගන්න ඕන. ඒක කරන්නෙ Start මෙනු එකේ All Programs වල Accessories වල තියන Command Prompt මත රයිට් ක්ලික් කරල එක මෙනු එකේ Run as Administrator තෝරන එකයි.
  2. ඊටපස්සෙ මේ කමාන්ඩ් එක රන් කරන්න
    netsh wlan set hostednetwork mode=allow ssid=MyConnection key=connectme
    මේ  කමාන්ඩ් එකෙන් MyConnection නමින් wifi access-point එකක් හදනව. පාස් කී එක connectme. ඒ දෙකට ඔයාට කැමති එකක් දාගන්න පුළුවන්.

  3. ඊලඟට ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක  access-point එකත් එක්ක ෂෙයාර් කරන්න ඕන. ඒක කරන්නෙ මෙහෙමයි. මුලින්ම Network and Sharing Center එකට යන්න. 
    ඒකෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තෝරගන්න. (මගේ එක Mobile Broadband Connection 2 (Airtel)) 

     Properties බොත්තම ක්ලික් කරන්න. Sharing ටැබ් එකේ "Allow other network users to connect through this computer's Internet connection" චෙක් බොක්ස් එක චෙක් කරල "Home networking connection" ලිස්ට් එකෙන් අපි හදපු access-point එක තෝරගන්න.
  4. දැන්  access-point එක ක්‍රියාත්මක කරන්නයි තියෙන්නෙ.  මේ කමාන්ඩ් එක රන් කරන්න.
netsh wlan start hostednetwork
  access-point එක නවත්වන්න ඕන නම් මේ කමාන්ඩ් එක රන් කරන්න.
netsh wlan stop hostednetwork
කරල බලන්නකො වැඩේ සාර්ථකද කියල. මේකට video tutorial එකකුත් හැදුව. පහලින් ඒක බලන්නකො. ඒක ලේසි වෙයි.




Wednesday, March 14, 2012

සඳේ...........................!



හිස් අහස වසාගෙන
තරු රැසක් දිදුල මුත් 
එකම එක සඳ මඬල
සිත් අහස පුරාවට.....


ඊයෙ අද මෙන් හෙටද
බිඳළුවේ දිවි අඳුර 
එකම එක සඳක් මිස
තරු වලින් නොවේමය.....


අව අටවකින් පසුව
අමාවක ලබන මුදු
පුර සඳේ රුව ගුණය 
සදා ඇත සිත කොනක.....


පුර පසින් වැඩි වැඩී
සුපුන් සඳ නැගෙන තුරු
සිත පුරා රැඳි සුවඳ
දිරි කරන් මග බලමි.....

Saturday, December 24, 2011

බ්රව්සරේට හිම.......................

 එක එක කාලෙට කාලේ තාලෙට අදාල වෙන විදියට අමුතු අමුතු දේවල් ගූගල් එකේ දැකගන්න පුළුවන්නෙ. මේ මම කියන්න යන්නෙ නත්තල වෙනුවෙන් ගූගල් එකෙන් කරපු වැඩක් ගැන. මේක දාල නම් දැන් ටික දවසක්. මට කිවුවෙත් අපේ දිමුතු තමා. ඔයාලටත් කියන්න කියල හිතාගෙන හිටියත් වෙලාවක් උනේ නෑ නෙ. කමක් නෑ, දැන් හරි කිවුවනෙ නේද ;)
කරන්න තියෙන්නෙ සුළු දෙයක්. ගූගල් එකට ගිහින් (www.google.lk or www.google.com) ඒකෙ Let it snow කියල ටයිප් කරල සර්ච් කරන්නකො. එතකොට ඔයාගෙ බ්රවුසරේටත් හිම වැටෙයි මගේ එකට වැටුන වගේ.

හැමෝටම සුභ නත්තලක් වේවා!

Sunday, December 18, 2011

මූණුපොත හොරු ගනීද?

මූණුපොත එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ෆේස්බුක් එක හැකර් කරුවන්ගෙත් ස්පෑම් කරන්නන්ගෙත් තෝතැන්නක් බවට පත්වෙලා. තමන්ගෙ ඉතා වැදගත් පෞද්ගලික තොරතුරු පවා ෆේස්බුක් ගිනුමෙ ඇතුලත් කරන අය ඉන්න නිසා තත්වය ඉතා දරුණු වෙලා. මේ නිසාමයි අපගේ තොරතුරු ආරක්ෂා කරගැනීමට විවිධ ආරක්ෂක පුර්වෝපායන් ෆේස්බුක් මගින් හඳුන්වාදීල තියෙන්නෙ. 
Privacy Settings ගැන නම් දැන් හුඟක් දෙනා දැනුවත්. ඒත් දැන් ඒක විතරක්ම ප්‍රමාණවත් නොවන තත්වයකට පත්වෙම්න් තියෙන්නෙ. වෙබ් බ්‍රව්සරය හා ෆේස්බුක් සර්වර් අතර හුවමාරු වන දත්ත ග්‍රහණය කරගැනීම මගින් අපගේ තොරතුරු තුන්වන පාර්ශවයක් අතට පත්විය හැකියි. මෙය වලක්වාගන්න ක්‍රමයකුත් ෆේස්බුක් මගින් ලබාදීල තියනව. ඒ https ආරක්ෂිත දත්ත හුවමාරුවක් සැලසීම මගින්. නමුත් මෙය සාමාන්‍යයෙන් සක්‍රීය කර නැහැ. අපට අවශ්‍ය නම් මෙය සක්‍රීය කරගන්න පුළුවන්. 
ඔබේ ෆේස්බුක් ගිනුමට ඇතුල්වූවිට එහි ලිපිනය පෙන්වන්නේ මෙලෙස නම් ඔබ ආරක්ෂාකාරී නැහැ.
සක්‍රීය කරගැනීමට අවශ්‍ය නම් මුලින්ම Account Settings වෙත යායුතුයි. ෆේස්බුක් පිටුවේ දකුණුපස ඉහල කෙලවරේ ඇති පහලට යොමුවුන ඊ හිස මත ක්ලික් කලවිට ලැබෙන මෙනුවෙන් Account Settings වෙත යා හැක. 
ලැබෙන පිටුවෙහි වම්පස ඉහල ඇති ලිස්ට් එකෙන් Security යන්න තෝරාගන්න. එවිට පහත පරිදි පිටුවක් ලැබේ. 
මෙහි Secure Browsing ඉදිරියේ ඇති Edit මත ක්ලික් කලවිට ඊට අදාල සැකසුම් දැකගත හැක.

Browse Facebook on secure connection (https) when possible ඉදිරියෙන් ඇති චෙක් බොක්ස්  එක මත ක්ලික් කර එය සක්‍රීය කර Save Changes බොත්තම මත ක්ලික් කරන්න. දැන් ඔබේ ෆේස්බුක් ගිනුම හැකි සෑමවිටම https ප්‍රොටෝකෝලය භාවිතා කරනු ඇත. දැන් ඔබේ ගිනුමට ඇතුලු වූ විට එහි ලිපිනය මෙලෙස දැකගත හැක.
 මීට අමතරව අපගේ ගිනුමට සිදුකරන අනවසර පිවිසුම් පිලිබඳව දැනුවත්වීමට අවශ්‍ය නම් Login Notification ඉදිරියේ ඇති Edit මත ක්ලික් කර අවශ්‍ය තේරීම් සිදුකර Save Changes බොත්තම මත ක්ලික් කරන්න.
ඔබගේ තේරීම අනූව ඊ මේලයක් මගින් හා/හෝ sms මගින් ඔබගේ ෆේස්බුක් ගිනුමට සිදුවන පිවිසුම් පිලිබඳ ඔබව දැනුවත් කරනු ඇත.