සිත මුමුනන කවිය අසන්නට
හද නලවන තනුව වයන්නට
සිලි සිලියේ දොඩමළු වන්නට
ආදරියේ එනුමැන මා වෙත........
මලක් වෙලා පිපුනෙන් අතු අග
නෙලාගන්න අත දිග ඈතක
සුවඳ සිඳී යා නොදී කිසි දිනෙක
සදා රකිමි හදවතට තුරුළු කර......
පිපුනත් තරු මල් නෙක ලෙස යායට
එකම සඳකි සිඳළුවේ අඳුරු කුස
ඒ සඳ සිසිලේ මැවුව සිහින රැස
තුරුළු කරන් සඳ සාවිය එනු මැන......
හිතුමතේ කුරුටු ගෑ ජීවන ගීතය
ආදරයේ තනුවෙන් තව ඔපකර
හඬගා ගයන්න ලොවටම ඇසෙන්න
එනුමැන මා හා දිවි ඇති තුරාම.........
Showing posts with label Pasan. Show all posts
Showing posts with label Pasan. Show all posts
Sunday, September 23, 2012
Monday, April 2, 2012
වින්ඩෝස් 7 වල wifi access-point එකක් හදමු......
ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාව යාළුවොත් එක්ක බෙදාගන්න ඕන උනොත් මොකද කරන්නෙ. wifi තියනවනම් කරන්න තියෙන්නෙ ad-hoc එකක් හදල ඒකෙ තමුන්ගෙ
අන්තර්ජාල සම්බන්ධතාව ෂෙයාර් කරන එකයි. ඒත් ප්රශ්නෙ වෙන්නෙ ඔයත්
අන්තර්ජාලයට සම්බන්ධවෙන්නෙ
wifi වලින් නම්. ඒ වගේමයි සමහර ඩිවයිස් වලින්
ad-hoc වලට සම්බන්ධ වෙන්න බැහැ. (මට මේ ක්රමය ඕන උනේ මගේ app ටෙස්ට් කරන Windows Phone 7 ඩිවයිස් එක ලැප් එකේ හදපු
ad-hoc එක අඳුනගත්තෙ නැති නිසා)
මේකට විසඳුම තමයි wifi access-point එකක් හදාගන්න එක. මෙතෙන්දි අපේ ඇත්ත wifi ඇඩැප්ටර් එක මත පදනම් වෙලා වර්චුවල් wifi ඇඩැප්ටර් එකක් හදාගන්නව. කරගන්න විදිය පියවර වශයෙන් කියන්නම්.
- මුලින්ම ඩොස් ප්රොම්ප්ට් එක ඇඩ්මිනිස්ට්රේටර් විදියට රන් කරගන්න ඕන. ඒක කරන්නෙ Start මෙනු එකේ All Programs වල Accessories වල තියන Command Prompt මත රයිට් ක්ලික් කරල එක මෙනු එකේ Run as Administrator තෝරන එකයි.
- ඊටපස්සෙ මේ කමාන්ඩ් එක රන් කරන්න
netsh wlan set hostednetwork mode=allow ssid=MyConnection key=connectme
මේ කමාන්ඩ් එකෙන් MyConnection නමින් wifi access-point එකක් හදනව. පාස් කී එක connectme. ඒ දෙකට ඔයාට කැමති එකක් දාගන්න පුළුවන්.
- ඊලඟට ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක
access-point එකත් එක්ක ෂෙයාර් කරන්න ඕන. ඒක කරන්නෙ මෙහෙමයි. මුලින්ම Network and Sharing Center එකට යන්න.

ඒකෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තෝරගන්න. (මගේ එක Mobile Broadband Connection 2 (Airtel))
Properties බොත්තම ක්ලික් කරන්න. Sharing ටැබ් එකේ "Allow other network users to connect through this computer's Internet connection" චෙක් බොක්ස් එක චෙක් කරල "Home networking connection" ලිස්ට් එකෙන් අපි හදපු access-point එක තෝරගන්න.
- දැන් access-point එක ක්රියාත්මක කරන්නයි තියෙන්නෙ. මේ කමාන්ඩ් එක රන් කරන්න.
netsh wlan start hostednetworkaccess-point එක නවත්වන්න ඕන නම් මේ කමාන්ඩ් එක රන් කරන්න.
netsh wlan stop hostednetworkකරල බලන්නකො වැඩේ සාර්ථකද කියල. මේකට video tutorial එකකුත් හැදුව. පහලින් ඒක බලන්නකො. ඒක ලේසි වෙයි.
Saturday, December 3, 2011
ජීවිතේ නව මගක...................
මුලින්ම පෙර පාසලේ. ඊට පස්සෙ ප්රාථමික අධ්යාපනය මාතර ඕල්කට් ආදර්ශ විදුහලෙන්. ශිෂ්යත්ව කඩුල්ලෙන් පස්සෙ මාතර සාන්ත තෝමස් කුමර විදුහලට. සා. පෙළ, උ.පෙළ කඩුළු පැනගෙන අන්තිමට නැවතුනේ කැළණි විශ්ව විද්යාලයේ භොතීය විද්යා අංශයේ. පොඩි කාලෙ ඉඳන්ම ආසාව තිබුනෙ ඉලෙක්ට්රොණික් වලට. බැටරි, වයර් කෑලි අරගෙන එක එක දේවල් හදන එක ඒකාලෙ ඉඳන්ම කලා. (ඒකනේ ගෙදර තිබුනු හුඟක් විදුලි උපකරණ වීසිකරන්න සිද්ධවුනේ) ඕ ලෙවල් කරන කාලෙ තමා පරිගණකයට හිත යන්නෙ.
වාසනාවකට කැම්පස් එකේදි මේ කැමතිම විශයන් දෙකම ඉගෙනගන්න අවස්ථාව ලැබුන. මේ කාලෙදිමයි ස්වාධින වෙබ් අඩවි නිර්මාණකරුවෙක් විදියට වැඩ පටන්ගන්නෙ. කැම්පස් ඉන්න කාලෙ ඇතුලත පරිගණකයත් එක්ක ගොඩක් දුර යන්න පුළුවන් උනා. ඒ කාලෙ යාළුවො කියන්නෙ පසන ලැප් එකත් එක්ක ගොඩ ගිහින් කියල. දැන් නම් එහෙම කියන්න බෑනෙ ;)
මේ අවුරුද්දෙ නොවැම්බර් 9 න් කැම්පස් ජීවිතෙත් අවසන්. ශිෂ්යයෙක් විදියට ගතකරපු ජීවිතය ඒ විදියට ගෙවිල යද්දි වෘත්තීය ජීවිතේ අරඹන්න ඔනනේ.
ලංකාවෙ දැවැන්ත මෘදුකාංග සංවර්ධන ආයතනයනට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුන. නොවැම්බර් 18 ඉඳන් එතන වැඩ. මට පැවරිලා තියෙන්නෙ Windows Phone 7 වැඩසටහන් කීපයක් නිර්මාණය කරන්න.
දැන් ඉතින් ජීවිතය ගෙවෙන්නෙ ඒව එක්ක.............
Subscribe to:
Posts (Atom)

