Showing posts with label සිත මුමුනන. Show all posts
Showing posts with label සිත මුමුනන. Show all posts

Sunday, September 23, 2012

සිත මුමුනන..................

සිත මුමුනන කවිය අසන්නට
හද නලවන තනුව වයන්නට
සිලි සිලියේ දොඩමළු වන්නට
ආදරියේ එනුමැන මා වෙත........

මලක් වෙලා පිපුනෙන් අතු අග
නෙලාගන්න අත දිග ඈතක
සුවඳ සිඳී යා නොදී කිසි දිනෙක
සදා රකිමි හදවතට තුරුළු කර......

පිපුනත් තරු මල් නෙක ලෙස යායට
එකම සඳකි සිඳළුවේ අඳුරු කුස
ඒ සඳ සිසිලේ මැවුව සිහින රැස
තුරුළු කරන් සඳ සාවිය එනු මැන......

හිතුමතේ කුරුටු ගෑ ජීවන ගීතය
ආදරයේ තනුවෙන් තව ඔපකර
හඬගා ගයන්න ලොවටම ඇසෙන්න
එනුමැන මා හා දිවි ඇති තුරාම.........