සෑහෙන්න දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුනානෙ. ඉතින් ඔන්න ආයෙත් බ්ලොග් එකේ කුරුටුගාල යන්න මේ පැත්තට ආව. කියන්න විස්තර නම් ගොඩක් තියනව. ඒත් කොහෙන් පටන් අරගෙන මොනව ලියන්නද කියල හිතාගන්නත් බෑ.
ජීවිතෙත් වෙලාවකට හරිම පුදුමයි. අපි හිතන පතන විදිහටම හැමදේම සිද්ධවෙන්නෙ නෑ. ඒත් හැමදේම සිද්ධවෙන්නේ මොකක්හරි හේතුවකට කියලයි මම නම් හිතන්නෙ. අපි බලාපොරොත්තුවෙච්ච දේවල් ඒ විදියටම ඉටු නොවුනම අපි දුක් වෙනව කලකිරෙනව තමයි. ඒත් ටික කලක් ගියාමයි තේරෙන්නෙ එහෙම උන එක කොයිතරම් හොඳයිද කියල. “හැමදේම වෙන්නෙ හොඳටයි“ කියන කියමන ඇත්තයි කියල හිතෙන්නෙ ඒ වෙලාවට තමයි
හැම දේටම එහෙම හිතන්න පුළුවන් නම් අපිට ඇතිවෙන තැවුල් අවුල් ගොඩක් නැතිකරගන්න පුළුවන්. මොකද ජීවිතේ වැදගත්ම දේ සතුට මිසක් සල්ලි වත් වෙනත් දෙයක්වත් නොවන නිසා.
නොලැබිච්ච දෙයක් ගැන හිත හිත දුක්වෙන වෙලාව ආයිත් අපිට ගන්න බෑ නෙ. අපි විනාඩියක් දුකෙන් ඉන්නව කියන්කෙ සතුටෙන ඉන්න තියන විනාඩියක් නැතිකරගත්ත කියන එකයි. ඒ නිසා පුළුවන් හැම වෙලේම සතුටෙන් ඉන්න බලන්න. පුළුවන් නම් ඔයා වටේ ඉන්න අයවත් සතුටෙන් තියන්න.
තවත් කෙනෙකුගෙ මූනට හිනාවක් දෙන එක තරම් තවත් සතුටක් මම නම් දන්නෙ නෑ.
Saturday, June 30, 2012
Monday, April 2, 2012
වින්ඩෝස් 7 වල wifi access-point එකක් හදමු......
ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාව යාළුවොත් එක්ක බෙදාගන්න ඕන උනොත් මොකද කරන්නෙ. wifi තියනවනම් කරන්න තියෙන්නෙ ad-hoc එකක් හදල ඒකෙ තමුන්ගෙ
අන්තර්ජාල සම්බන්ධතාව ෂෙයාර් කරන එකයි. ඒත් ප්රශ්නෙ වෙන්නෙ ඔයත්
අන්තර්ජාලයට සම්බන්ධවෙන්නෙ
wifi වලින් නම්. ඒ වගේමයි සමහර ඩිවයිස් වලින්
ad-hoc වලට සම්බන්ධ වෙන්න බැහැ. (මට මේ ක්රමය ඕන උනේ මගේ app ටෙස්ට් කරන Windows Phone 7 ඩිවයිස් එක ලැප් එකේ හදපු
ad-hoc එක අඳුනගත්තෙ නැති නිසා)
මේකට විසඳුම තමයි wifi access-point එකක් හදාගන්න එක. මෙතෙන්දි අපේ ඇත්ත wifi ඇඩැප්ටර් එක මත පදනම් වෙලා වර්චුවල් wifi ඇඩැප්ටර් එකක් හදාගන්නව. කරගන්න විදිය පියවර වශයෙන් කියන්නම්.
- මුලින්ම ඩොස් ප්රොම්ප්ට් එක ඇඩ්මිනිස්ට්රේටර් විදියට රන් කරගන්න ඕන. ඒක කරන්නෙ Start මෙනු එකේ All Programs වල Accessories වල තියන Command Prompt මත රයිට් ක්ලික් කරල එක මෙනු එකේ Run as Administrator තෝරන එකයි.
- ඊටපස්සෙ මේ කමාන්ඩ් එක රන් කරන්න
netsh wlan set hostednetwork mode=allow ssid=MyConnection key=connectme
මේ කමාන්ඩ් එකෙන් MyConnection නමින් wifi access-point එකක් හදනව. පාස් කී එක connectme. ඒ දෙකට ඔයාට කැමති එකක් දාගන්න පුළුවන්.
- ඊලඟට ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක
access-point එකත් එක්ක ෂෙයාර් කරන්න ඕන. ඒක කරන්නෙ මෙහෙමයි. මුලින්ම Network and Sharing Center එකට යන්න.

ඒකෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තෝරගන්න. (මගේ එක Mobile Broadband Connection 2 (Airtel))
Properties බොත්තම ක්ලික් කරන්න. Sharing ටැබ් එකේ "Allow other network users to connect through this computer's Internet connection" චෙක් බොක්ස් එක චෙක් කරල "Home networking connection" ලිස්ට් එකෙන් අපි හදපු access-point එක තෝරගන්න.
- දැන් access-point එක ක්රියාත්මක කරන්නයි තියෙන්නෙ. මේ කමාන්ඩ් එක රන් කරන්න.
netsh wlan start hostednetworkaccess-point එක නවත්වන්න ඕන නම් මේ කමාන්ඩ් එක රන් කරන්න.
netsh wlan stop hostednetworkකරල බලන්නකො වැඩේ සාර්ථකද කියල. මේකට video tutorial එකකුත් හැදුව. පහලින් ඒක බලන්නකො. ඒක ලේසි වෙයි.
Wednesday, March 14, 2012
සඳේ...........................!
හිස් අහස වසාගෙන
තරු රැසක් දිදුල මුත්
එකම එක සඳ මඬල
සිත් අහස පුරාවට.....
ඊයෙ අද මෙන් හෙටද
බිඳළුවේ දිවි අඳුර
එකම එක සඳක් මිස
තරු වලින් නොවේමය.....
අව අටවකින් පසුව
අමාවක ලබන මුදු
පුර සඳේ රුව ගුණය
සදා ඇත සිත කොනක.....
පුර පසින් වැඩි වැඩී
සුපුන් සඳ නැගෙන තුරු
සිත පුරා රැඳි සුවඳ
දිරි කරන් මග බලමි.....
Saturday, December 24, 2011
බ්රව්සරේට හිම.......................
එක එක කාලෙට කාලේ තාලෙට අදාල වෙන විදියට අමුතු අමුතු දේවල් ගූගල් එකේ දැකගන්න පුළුවන්නෙ. මේ මම කියන්න යන්නෙ නත්තල වෙනුවෙන් ගූගල් එකෙන් කරපු වැඩක් ගැන. මේක දාල නම් දැන් ටික දවසක්. මට කිවුවෙත් අපේ දිමුතු තමා. ඔයාලටත් කියන්න කියල හිතාගෙන හිටියත් වෙලාවක් උනේ නෑ නෙ. කමක් නෑ, දැන් හරි කිවුවනෙ නේද ;)
කරන්න තියෙන්නෙ සුළු දෙයක්. ගූගල් එකට ගිහින් (www.google.lk or www.google.com) ඒකෙ Let it snow කියල ටයිප් කරල සර්ච් කරන්නකො. එතකොට ඔයාගෙ බ්රවුසරේටත් හිම වැටෙයි මගේ එකට වැටුන වගේ.
හැමෝටම සුභ නත්තලක් වේවා!
කරන්න තියෙන්නෙ සුළු දෙයක්. ගූගල් එකට ගිහින් (www.google.lk or www.google.com) ඒකෙ Let it snow කියල ටයිප් කරල සර්ච් කරන්නකො. එතකොට ඔයාගෙ බ්රවුසරේටත් හිම වැටෙයි මගේ එකට වැටුන වගේ.
හැමෝටම සුභ නත්තලක් වේවා!
Subscribe to:
Posts (Atom)



