Sunday, December 26, 2010

නිව්ටන්ටත් වැරදුනු තැන............?

තම තෙවන නියමයෙන්
නිවුටන් කියන්නේ
දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බවත්
විශාලත්වයෙන් සමාන බවත්
සෑම ක්‍රියාවකම ප්‍රතික්‍රියාව........


කුඩා කල සිටම 
උගත්තත් මේ තෙවන නියමය
යොදාගත්තත් කෙතරම් 
හමුවිය එක තැනක්
නිවුටන්ටත් මගහැරුනු.........


ක්‍රියාව වන විට 
ආදරය කිරීම
ප්‍රතික්‍රියාව වේ
ආදරය ලැබීම
මෙතැනදී...........


සැබෑමය දිශා ප්‍රතිවිරුද්ධ බව
එනමුදු සැලකූවිට විශාලත්වය
ක්‍රියාවට වඩා විශාල බව
ප්‍රතික්‍රියාව හැමවිටම
අවබෝධ විය මට.........


නැත වරදක් නිවුටන් අත
ඒ මනද යත්
කොතරම් වෙහෙසුවත් මනස
නොදැනේ මෙම වරද
හදවතට මිස..........


කරන විට ආදරය
ලැබේ ආපසු වැඩි වැඩිය
එහෙයින් මේ කිසිදු නියමයකට නීතියකට
යට නොවන බව ආදරය
පසක් විය මට..........

3 comments:

  1. අසමතුලිත බලයක් නොයෙදෙනතාක් ඒකාකාරීය........:)

    ආපසු නොලැබුනත් ,
    කරන්නට හැකිනම් හදවතින්ම,
    එයම වේ,
    පරම පිරිසිදු,
    ආදරය.

    ReplyDelete
  2. ආදරය භෞතික රාශියක් නොවේ. එය උතුම් අධ්‍යාත්මික බලවේගයකි.
    නිව්ටන්ලා කොහෙද බං ඔව්වා දන්නේ.
    නේද මචං බස්සා?

    ReplyDelete