Thursday, May 12, 2011

මොබයිල් එකෙන් සිංහල..........

ඔන්න ඉතින් විභාගෙත් ඉවරයි.  ඒ හින්ද බ්ලොග් එකේ  කුරුටුගාන්න ඉස්පාසුවක් ලැබුන. අද මම කියන්න යන්නෙ මොබයිල් එකෙන් සිංහල කියවන්න ක්‍රමයක්. මේ ක්‍රමය වඩාත්ම වැදගත් වෙන්නෙ ජාවා මොබයිල් පාවිච්චි කරන අයට තමා. 
හුඟක් අය මොබයිල් එකෙන් අන්තර්ජාලයේ සැරිසරන්න භාවිතා කරන්නෙ ඔපෙරා මිනි බ්රවුසර් එකනෙ. යන එන අතරමගදි ඒක සෑහෙන්න ලොකු වාසියක්. ඒත් සිංහල කියවන්න තිබුන ලොකුම බාධාව තමයි මොබයිල්එ‍කේ  යුනිකොඩ් නොමැතිවීම. ඒකට විසඳුමක් තමා මේ කියන්න හදන්නෙ.


මේක කරන්න කලින් මොබයිල් එකෙන් මගේ බ්ලොග් එකට ගියාම පෙන්නන්නෙ මෙහෙමයි.
කොහොමද මේක හදාගන්නෙ? 


කරන්න ඕනෙ බොහොම පොඩි දෙයයි. ඔපෙරා මිනි බ්රවුසර්එකේ ඇඩ්‍රස් බාර් එකේ config: කියල ටයිප් කරල ඕකේ කරන්න. 
 එතකොට මේවගේ තිරයක් ලැබෙයි.

ඒකෙ පහලටම ගියාම තියෙනව Use bitmap fonts for complex scripts කියල එකක්. ඒකෙ ඉස්සරහ තියන ලිස්ට් එකෙන් Yes කියන එක තෝරල Save බොත්තම ක්ලික් කලා නම් හරි. 
 දැන් මොබයිල් එකෙන් මගේ බ්ලොග් එකට ගියාම මෙහෙම සිංහල කියවන්න පුළුවන්.
හල්කිරීමෙ එහෙම පොඩි අවුලක් තියෙනව. ඒත් බොහෝ දුරට වැඩේ සාර්ථකයි

8 comments:

  1. මිට කලිනුත් බ්ලොග් එකක මම ඕක දාලා තියනවා දැක්කා.. මේ ලගකදි... කොහිම උනත් ඒ බ්ලොග් එකෙන් ඒ වැඩේ කරගත්තු නිසා අවුලක් නැ.. සුබ පතනවා

    ReplyDelete
  2. maxsa වැඩ සහෝ.අවුලක් නෑ.හල් කිරීම තමයි අවුල්...සුභ පතනවා තව ලියපන් ...

    ReplyDelete
  3. maxa machan !!!!!!!!!!!!!!

    ReplyDelete
  4. meketh tibba okama... http://sinhalablog.linkz2u.com/sinhala-in-opera-mini/

    ReplyDelete
  5. මෙක නම් මාර් වටිනව මචො..thx
    www.sabithl.blogspot.com

    ReplyDelete
  6. 4න් එකෙන් සිංහල කොටන විදියක් ගැන දන්නවා නම් කියා දෙන්නකෝ සහෝ...

    ReplyDelete
    Replies
    1. ඉත්තූතියි මේ පැත්තට ආවට ආචාර්ය තුමො. ලිපියක් දාන්නම්කො ඒ ගැනත්

      Delete
    2. බොහොම ස්තුති සහෝ.....symbriyan os වලට අලියන විදියක් ගැනම කොටන්න...anroid ඒවාට නම් ගූගල් දෙයියා දෙනවා අසරණ අපිට දැන් කුඩම්මාගේ සැලකිලි

      Delete