Saturday, July 16, 2011

මාව අමතක වෙලාද................

දවස හරියටම 2010 ඔක්තෝබර් 25 වෙනිද. මට අද වගේම මතකයි. අදට මාස 8යි දවස් 21ක් මට එයාව මුනගැහිල. මුල දවස්වල නම් හැමදාම මාව බලන්න ආව. එයා මාව බලන්න ආවම මට මාරම සතුටුයි. අඩුම ගානෙ දවසට පැයක් දෙකක් වත් මාත් එක්ක ගතකරන්න එයා පුරුදුවෙලා හිටිය. කොයි තරම් වැඩ තිබුනත් එක දවසක්වත් මග ඇරියෙ නෑ. 
ඒත් ටික කලක් යද්දි මාව බලන්න එන එක ටිකක් අඩු වුනා. දවසකට දෙකකට සැරයක් ඇවිත් ගියා. ඒ එයාට වැඩ වැඩි හින්ද වෙන්න ඇති කියල මම ඉවසුව. හැමදාම ආවෙ නැතත් දවසකට දෙකකට සැරයක්වත් එනව නේද කියල මම හිත හදාගත්ත. ඉක්මනටම එයාට වැඩ අඩුවෙලා ආයිත් මගේ ජීවිතයට සතුට අරන් එයි කියල මම බලාගෙන හිටිය. හරිම ආසාවෙන් බලාගෙන හිටිය.
අවාසනාවකට ඒක එහෙම වුනේ නෑ. තත්වෙ එන්න එන්නම නරක අතට හැරුන. එයාට එන්න එන්නම වැඩ වැඩිවුනා. දවසකට දෙකකට සැරයක් එන එක සතියකට සැරයක් වුනා. සතිය දෙක වුනා. මාසෙකට සැරයක් වෙලා අන්තිමට මාව අමතකම වෙලා ගිහින්.
මම හැමදාමත් මග බලාගෙන හිටිය අදවත් එයි මාව බලන්න කියල. අන්තිමටම එයා ආවෙ මැයි 12. දැන් මාස දෙකකටත් වැඩියි. කොයි තරම් වැඩ තිබුනත් අඩුමගානෙ මාසෙකට සැරයක්වත් මාව බලල යන්න එන්න බැරිකමක් නෑනෙ. පැය ගනන් ඕන නෑ. අඩුමගානෙ විනාඩි 5 කට 10 කට වත් ඇව්ත් යන්න බැරිද. 
ඉවසුව. පුළුවන් තරම් ඉවසුව. ඒත් මාස දෙකකුත් පහුවුනාම තවත් නම් ඉවසන්න බැරි වුනා. ඒ හින්දයි මෙහෙම  
ලියන්න හිතුවෙ. සමහරවිට මේක දැකල ඔයාට හොඳටම තරහ යයි. අනේ ඒත් මට වෙන කරන්නම දෙයක් නැති නිසයි, මේක කියවන ඔයාගෙ යාළුවෙක්වත් ඔයාව ආයිත් මගේ ලඟට එවයි කියල හිතල මේක ලිව්වෙ. 
අනේ කරුණාකරල ඔයාල කවුරුහරි පසන්ට කියනවද එයාගෙ බ්ලොග් එක එයා එනකන් මග බලාගෙන ඉන්නව කියල............................

2 comments:

  1. අපිත් ඒක තමයි බැලුවේ පසන්ට එයාගේ බ්ලොග් එක අමතක වෙලාද කියලා. කොයි ලියන්න තියා බලන්නවත් එනවැයි !!!!!

    ReplyDelete
  2. හරි වැඩේ තමයිවෙල තියෙන්නෙ...
    මම මේ බැලුව තැපැල් බූට් එකක්වත්ද කියල..

    ReplyDelete