Sunday, December 11, 2011

වින්ඩෝස් වල ලිනක්ස්...........

ලංකාවෙ වැඩිදෙනෙක් පුරුදුවෙලා තියෙන්නෙ වින්ඩෝස් වලට. වැඩිපුර භාවිතා කරන්නෙත් වින්ඩෝස් කිවුවොත් හැමෝම ඒකට එකඟවෙයි. ඒකට හේතුව තමයි භාවිතයට පහසු වීම.ඒත් දැන් බොහෝ පිරිසක් ලිනක්ස් මත පදනම් වු උබුන්ටු, කුබුන්ටු, ෆෙඩෝරා වැනි මෙහෙයුම් පද්ධති භාවිතයට යොමුවෙලා තියෙනව. මේ මෙහෙයුම් පද්ධති දෙකම තමන්ගෙ පරිගණකයේ ස්ථාපිත කරගෙන දෙකෙන්ම වැඩ ගන්න අයත් ඉන්නව. තවත් පිරිසක් ඉන්නව ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්න කැමති ඒත් එකපාරටම ලිනක්ස් වලට මාරුවෙන්න අකමැති. එහෙම අය වැඩිදෙනෙක් කරන්නෙ virtual box හරි vmware හරි මගින් වින්ඩෝස් ඇතුලෙම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් දාගන්න එක.
 ලිනක්ස් වල බලසම්න්න කම දැනෙන්න නම් ටර්මිනල් එකේ වැඩකරල බලන්න ඕන. සර්වර් මෙහෙයුම් පද්ධතියක් විදියට ලිනක්ස් ඉන්න තැනට වින්ඩෝස් වලට එන්න බැරිවෙලා තියෙන්නෙ ඒ නිසයි. ඒ නිසයි වින්ඩෝස් වලටත් power shell කියල කමාන්ඩ් ලයින් ටූල් එකක් හදන්නෙ. 
 ඒත් මම කියන්න යන්නෙ ඒ ගැන නෙමෙයි. වින්ඩෝස් වල ඉඳගෙනම ලිනක්ස් ටර්මිනලයෙන් වැඩ ගන්න ක්‍රමයක් ගැන. මේ ගැන මම හොයන්න පටන්ගත්තෙ මට වින්ඩෝස් වල ඉඳන් ලිනක්ස් විධාන භාවිතා කරන්න අවශ්‍යතාව තදින්ම දැනුනු නිසා. cygwin තමා ටූල් එක. ඒක වින්ඩෝස් වෙනුවෙන්ම සකස්වුනු ලිනක්ස් ආරට යන වැඩසටහනක්. විශේෂත්වය වෙන්නෙ මේක නිදහස් විවෘත්ත මෘදුකාංගයක්. Cygnus Solutions මගින් මුලින් නිර්මාණය කලත් පස්සෙ Red Hat විසින් එම සමාගම මිලදීගෙන. දැන් cygwin පවත්වාගෙන යන්නෙ Red Hat සමාගම විසින්.


  http://www.cygwin.com වෙබ් අඩවියට ගිහින් cygwin ඩවුන්ලොඩ් කරගන්නත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ලිනක්ස් කමාන්ඩ්ස් ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. වැඩි විස්තර ඕන නම් කියන්න. ඕන අය ඉන්නවනම් මම cygwin ස්ථාපනය කරගෙන භාවිතා කරන හැටි ඉදිරි ලිපිකින් කියන්නම්කො.

8 comments:

  1. මම නම් තනිකරම ලින්ක්ස් වලින් වැඩ කරන නිසා ඔය සොෆ්ට්වෙයාර් එකෙන් වැඩ කරල නෑ. මොනා උනත් වින්ඩෝස් වල වැඩ කරන අයට මරු ටූල් එකක් මේක !!!

    මම නම් වැඩ කරන්නේ Cent Os වලින්. ඒක මරු නෙට්වර්කින් වලට. ග්‍රැෆික්ස් ටික ඔක්කෝම ඩිසේබල් කරලා කෙලින්ම ෂෙල් එකෙන් ඕනම වැඩක් කරන්න පුලුවන්.

    ReplyDelete
  2. Cent Os තමා සර්වර් වලට තියන පට්ටම Osග මාත් කාලයක් Cent Os සර්වර් එකක් එක්ක වැඩකලා. එතකොට තමා තේරෙන්නෙ වින්ඩෝස් මොනාද කියල.
    බොහොම ස්තූතියි අදහසට!

    ReplyDelete
  3. මම නම් වින්ඩෝස් පාවිච්චි කරන්නෙ ලිනක්ස් මතට virtualbox දාලා. ලිනක්ස් අත්හදා බැලුවොත් තේරේවි ලිනක්ස්, වින්ඩෝස් වලට වඩා බලසම්පන්නයි කියලා.

    ReplyDelete
  4. Graphic Software thiyenawada Linux ? Ps Corel

    ReplyDelete
  5. ලිනක්ස් වලට වෙනමම ග්‍රැෆික් සොෆ්ට්වෙයාර් තියෙනව. PS වෙනුවට Gimp තියනව. Corel වෙනුවට inscape තියනව.

    ReplyDelete
  6. ස්තුතියි යාලුවා GCC එක දාගන්න කොට දවසක් cygwin එක දාගත්තද කොහෙද ඒත් කිසිම දෙයක් කරන්න වුන නැති නිසා මට බැරි වුනා ‍ඕක බලන්න වත් දැනුයි දැන ගත්තේ ස්තුතියි යාලුවා.

    ReplyDelete
  7. meka da gaththata passe windows 7 vala xp install karanna puluvanda. pls reply

    ReplyDelete
  8. cygwin දාගන්නෙ වින්ඩෝස් වල ඉඳන් ලිනක්ස් කමාන්ඩ්ස් පාවිච්චි කරන්නනෙ. අනික මොකටද 7 වල XP ඉන්ස්ටෝල් කරන්නෙ? ඕනෙමනම් vmware දාල ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.

    ReplyDelete