Saturday, June 30, 2012

හුඟ දවසකින් . . . . . . . .

සෑහෙන්න දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුනානෙ. ඉතින් ඔන්න ආයෙත් බ්ලොග් එකේ කුරුටුගාල යන්න මේ පැත්තට ආව. කියන්න විස්තර නම් ගොඩක් තියනව. ඒත් කොහෙන් පටන් අරගෙන මොනව ලියන්නද කියල හිතාගන්නත් බෑ.
ජීවිතෙත් වෙලාවකට හරිම පුදුමයි. අපි හිතන පතන විදිහටම හැමදේම සිද්ධවෙන්නෙ නෑ. ඒත් හැමදේම සිද්ධවෙන්නේ මොකක්හරි හේතුවකට කියලයි මම නම් හිතන්නෙ. අපි බලාපොරොත්තුවෙච්ච දේවල් ඒ විදියටම ඉටු නොවුනම අපි දුක් වෙනව කලකිරෙනව තමයි. ඒත් ටික කලක් ගියාමයි තේරෙන්නෙ එහෙම උන එක කොයිතරම් හොඳයිද කියල. “හැමදේම වෙන්නෙ හොඳටයි“ කියන කියමන ඇත්තයි කියල හිතෙන්නෙ ඒ වෙලාවට තමයි
හැම දේටම එහෙම හිතන්න පුළුවන් නම් අපිට ඇතිවෙන තැවුල් අවුල් ගොඩක් නැතිකරගන්න පුළුවන්. මොකද ජීවිතේ වැදගත්ම දේ සතුට මිසක් සල්ලි වත් වෙනත් දෙයක්වත් නොවන නිසා.
නොලැබිච්ච දෙයක් ගැන හිත හිත දුක්වෙන වෙලාව ආයිත් අපිට ගන්න බෑ නෙ. අපි විනාඩියක් දුකෙන් ඉන්නව කියන්කෙ සතුටෙන ඉන්න තියන විනාඩියක් නැතිකරගත්ත කියන එකයි. ඒ නිසා පුළුවන් හැම වෙලේම සතුටෙන් ඉන්න බලන්න. පුළුවන් නම් ඔයා වටේ ඉන්න අයවත් සතුටෙන් තියන්න.
තවත් කෙනෙකුගෙ මූනට හිනාවක් දෙන එක තරම් තවත් සතුටක් මම නම් දන්නෙ නෑ.

3 comments:

  1. සෑහෙන කාලෙකට පස්සේ තමා පසන්ව පෝස්ට් එකකින් දකින්න ලැබුනේ !
    අර කිව්ව කතාව හරි. අපට පුලුවන් නම් කාගේ මූනට හිනාවක් එකතු කරන්න. ඒක ගොඩක් හොද දෙයක් වේවි.

    දිගටම ලියන්න !!

    ReplyDelete
  2. eth mehema deyak thiyenawa anith aya nisa duken inna sidda venawa nam a de gena mokakda karanne?

    ReplyDelete
  3. වෙන කෙනෙක් නිසා අපි දුක්වෙනව කියන්නෙ ඒක අපේ දුර්වලකමක්. අපිට පුළුවන් වෙන්න ඕන ඒ දුර්වලකම නැතිකරගන්න.

    ReplyDelete