Sunday, December 23, 2012

හුඟ කලකින් නිවාඩුවක්.......................

පහුගිය ටිකේ බරටම වැඩ තිබුනනේ. බ්ලොග් එක පැත්ත බලන්නවත් බැරි උනා. සෑහෙන්න කාලෙකින් සතියක් විතර ගෙදර ඉන්න නිවාඩුවක් හම්බවුනේ. 
ඒ අස්සෙ ලෝක විනාසෙකුත් එනව කිව්වනෙ. සමහරු නම් කියන්නෙ අයහපත් කාලගුණය නිසා ලෝක විනාසෙ කල් දාල කියලයි. මායා වරුන්ට කැලැන්ඩරේ කොටන්න ඉඩ මදි නිසා නැවැත්තුවද වෙන හේතුවකට නැවැත්තුවද කියල දන්නෙ කොටපු අයම තමයි. අපේ අයට පුළුවන් ඒ ගැන මත පලකරන්න විතරයිනෙ. ඒ අස්සෙ නිවාඩු දාල ලෝක විනාසෙට කලින් ගෙවල්වල ගියපු අයත් හිටිය. 
ඒක දැන් පරණ කතාවක්නෙ. වාසනාවකට හෝ අවාසනාවකට එහෙම විනාසයක් උනේ නෑ නෙ. 
හුඟ දවසකින් අද මිගාරව සෙට් උනා ස්කයිප් එකේ. එයා දැන් නවසීලන්තෙනෙ පදිංචිය. පොර කාර් එකක් ගත්තලු ඩොලර් 800 කට. ඇඬෙනව ඇහෙද්දිත්. මෙහේ හොඳ සෙල්ලම් කාර් එකක්වත් ගන්න බෑනෙ ඒ ගානට. ;)
කොහොමහරි අවුරුද්දකුත් ගෙවිල ඉවරවෙන්න යන්නෙ. නත්තලත් ලඟම එනව. මේ අවුරුද්දෙ කරපු මෝඩ කම් අතඇරල හොඳ තව තවත් දියුණු කරගෙන ඊලඟ අවුරුද්ද පටන්ගන්නයි තියෙන්නෙ. බලමුකො මොනවද කරන්න පුළුවන් කියල...............

3 comments:

  1. ඔව් මාත් එහෙම හිතාගෙනයි ඉන්නේ. පොඩි පසුවිපරමක් දාලා ගිය අවුරැද්දේ වුන වැරදි මේ අවුරැද්දේ හදාගෙන මුහුන දෙනවා අලුත් වසරට..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා වෙන්න ඕන. එතකොටයි අපේ ජීවිත සාර්ථක වෙන්නෙ........

      Delete
  2. අවුරුද්ද පටන් ගන්න කලින් අළුත් අවුරුද්දට කරන්න හිතන් ඉන්න වැඩ ටික ප්ලෑන් කලා නම් මුළු අවුරුද්දම එලටම ගත කරන්න පුලුවන්.

    ReplyDelete