Monday, August 19, 2013

දන්නෑ...........















ඔයා කාල තියනවද . . . .  දන්නෑ . . .
නැත්නම් හදල තියනවද  . . . දන්නෑ . . .
එහෙනම් දැකල තියනවද . . . දන්නෑ . . .
අඩුගානේ අහල තියෙනවද . . . දන්නෑ . . .

හදන්න මොනවද ඕනෑ . . . දන්නෑ . . .
කොච්චර ඕනවෙයිද හදාගන්න . . . දන්නෑ . . .
බැදලද, තම්බලාද නැත්නම් ගුලිකරලද . . . දන්නෑ . . .
බේක් කරල කෑලි කපල කනවද . . . දන්නෑ . . .

දන්නෑ . . . ගන්නෙ කොහෙන්දෝ . . .
දන්නෑ . . . මොන පාටයි දෝ . . . 
දන්නෑ . . . හරි සුවඳයි දෝ . . .
දන්නෑ . . . ගාන කොහොම දෝ . . .


එහෙම වෙලත් . . . හැමදාමත් . . . මම ඇහුවොත් . . .
"ඔයා මොනවද කන්නේ . . . ?", "ඔයාට මොනවද ඕනේ . . . ?"
හැමදාමත් එයා දෙන්නෙ එකම උත්තරේ . . . "දන්නෑ . . ."
එතකොට මම අහන්නෙ . . . "කීයක් ඕනෙද දන්නෑ . . ."

3 comments:

  1. දන්නෑ කියන්නෙ මොනවද කියලා පසන් තාම දන්නෑ
    ගැලවිල්ලට දෙන උත්තරයක් බව මෙයාට තේරෙන්නෑ
    දැකලත් නෑ, අහලත් නෑ මමනම් හදන්න දන්නෙත් නෑ
    එහෙව් එකේ දන්නෑ කොහෙ කන්නද! පිස්සුද මං දන්නෑ

    පේස්ට්‍රි නැත්නම් ඩෝනට් කන්නට හිතුනොත් මම දන්නෑ
    කඩේ මෙනූ එක දිග වැඩිනම් හෙම ඕන්න මං දන්නෑ
    ඔයා ආස දේ මමත් කන්නම්කො එතකොට මං දන්නෑ
    පොඩ්ඩක් හිත කැඩිලා තිවුනෝතින් දිගටම මං දන්න්නෑ

    කොහෙහරි ඇවිදින්නට යනවානම් යන තැන මං දන්නෑ
    ඔයා මගේ ළග ඉන්න තුරා මට යන තැන වැදගත් නෑ
    යන්නේ පාරෙද, මූදෙද, අහසෙද ඔව්වා මං දන්නෑ
    දන්නේ ඔයා මගේ බව විතරයි වෙන මුකුත්ම දන්නෑ

    දන්නෑ හරිද බස්සෝ... මං දන්නෑ.... ඔව්. දන්නෙම නෑ.

    ReplyDelete
  2. අද රෑට ම්මත් "දන්නෑ" ටිකක් හදාගෙන කන්න ඕනේ. ඒවා කෑවම බඩ අඩුවෙනවලු, කොලෙස්ටරෝල් අඩු වෙනවලු.
    බලමු, සෞඛ්‍ය ප්‍රශ්ණ අඩු වෙන කෑමක්නේ.

    ReplyDelete