Thursday, September 19, 2013

දන්න සිංහලෙන් හොයාගන්න

මේ ලඟදි දවසක මම බස්සිගෙ ගෙදර ගියා නෙ. ඒ යද්දි බස්සිගෙ තාත්තට යාළුවෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිල තිබුන. කාරණේ තමයි යාළුවගෙ පුතාට සාගර පලන්සූරිය ශූරීන් එහෙමත් නැත්නම් කේයස් ගැන විස්තර ටිකක් දැනගන්න. බස්සිෙගෙ තාත්තට එතුමගෙ විස්තර සෑහෙන්න දුරට මතක තිබුනත් හරියටම දින වකවානුත් සමහර කෘති වල නම් වගේ දේවල් හරියටම මතක තිබුනෙ නෑ. "සුදො සුදු" පොතේ බැලුවත් ඒතරම් විස්තරයක් හොයාගන්න බැරිවුනා.

අපේ හුඟක් ප්‍රශ්ණ වලදි පිහිටට ඉන්නෙ ගූගල් දෙයියො නිසා අන්තිමේදි මේ ප්‍රශ්නෙත් ගූගල් දෙයියන්ට ඉදිරිපත් කරන්න තීරණය කලා. ඉංගිරිසියෙන් ගහල සර්ච් කලත් ඒ තරම් හොඳෙ ප්‍රතිඵලයක් පෙනෙන්නට තිබුනෙ නෑ. 

මේ අතරෙ බස්සිගෙ තාත්ත යාළුවට දන්න විස්තර කියනව ලියාගන්න කියල. මල චාටර් එකක් වෙන්න යන්නෙ. අපිට හම්බවෙච්ච විස්තර වලට වඩා පට්ටම සිරා විස්තරයක් එයා කියාගෙනයනව. 

නිකමට හිතුනෙ සිංහලෙන් සෙවුමක් දාල බලන්න. අකුරු දෙකයි ගැහුවෙ, මෙන්න දෙයියො උඩපැනල අහපි "එම්බා නරය, තා හොයන්නෙ සාගර පලන්සූරිය ගැනද?" කියල. 

ප්‍රතිඵල අතර ඉතාම ඉහල මට්ටමේ ලිපි රාශියක් තිබුන. තාත්ත ඒ විස්තරත් භාවිතා කරල වැඩේ සම්පූර්ණ කරගත්ත. අපිට ඉතින් සතුට කියල නිමකරන්න බෑ. යන්තම් ජාමෙ බේරගත්තනෙ. 

ගූගල් සෙවුමට යුනිකේත සෙවීමේ පහසුකම එක්කරල සෑහෙන්න කාලයක් වුනත් සිංහලෙන් සෙවීම ඒ තරම් ජනප්‍රිය නොවුනෙ අන්තර්ජාලය තුල සිංහලෙන් ලියවුණු ලිපි හිඟවිම නිසානෙ.

දැන් තත්වය බොහෝ සෙයින් වෙනස් වෙලා. බොහෝ ජාතික පුවත්පත් වගේම අනෙකුත් විද්‍යුත් මාද්‍ය ආයතත් තමන්ගේ සිංහල වෙබ් අඩවි, ප්‍රවෘත්ති අඩවි සිංහල යුනිකේත මගින් ඉදිරිපත් කරනව. ඒ වගේම විවිධ ආයතන, සංවිධානල එකමුතු මගිනුත් පෞද්ගලිකවත් පවත්වාගෙන යන සිංහල වෙබ් අඩවි හා බ්ලොග් මගින් අන්තර්ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩිකිරීමට කරන සේවය මිලකල නොහැකියි.

එමෙන්ම සිංහල යුනිකේතයේ දියුණුට කැපවූවන් සිදුකල සේවය ඉතාම අනර්ඝයි. සිංහල බ්ලොග් ලිවීම ජනප්‍රිය කිරීමටත් අන්තර්ජාලය තුල සිංහල කියවන්නන් වැඩිකිරීමටත් දායක වූ සින්ඩිකේටර් හා බ්ලොග් කරුවන්ගේ එකමුතු අමතක කල නොහැකියි.


අන්තර්ජාලය තුල සිංහල ප්‍රචලිත කිරීම වෙනුවෙන් කැපවූ සියළුම දෙනා වෙත මා ගේ ප්‍රණාමය.....!!!!!!!

22 comments:

  1. ඔව්ව්... මමත් සිංහලෙන් හොයන්නේ. සිංහලෙන් ගොඩක් දේ තියෙනවා මචු.. කොටන තරමක් සිංහලෙන් කෙටිම පහසුයි. අනික තේරෙන සිංහලෙන් බලන්න හැකි වීම සතුටක්.. :)

    මම - Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බෙනා මල්ලි....!!!

      ඇත්තටම හරිම සතුටක් දැනුන.....

      Delete
    2. අඩේ, මේ අපේ සඳරු නේද බෙන් ටෙනිසන් කියන්නේ??
      මම හිතුවෙ වෙන කවුරු හරි කියලා sorry bro.

      Delete
  2. ගූගල් දෙයියො නැත්නම් එදා බස්සටයි බස්සිටයි පට්ට චාටර් එකක් කන්න වෙනවා! කඩ්ඩෙන් තිවුන මගුලකුත් නෑ. ඒකත් සිංහලට හරවන ටිකට තාත්තා ඊට වඩා සිරා පොයින්ට්ස් හැටහුටහමාරක් කියන නිසා අපි සිංහලට හරෝපු චුට්ට කියන්නත් ලැජ්ජයි. ගූගල් දෙයියන්ට පිං!!

    ReplyDelete
    Replies
    1. ඒ්ක තමා. ගූගල් දෙයියො කලේ හොයල දීපු එකනෙ. වැඩිපර පින් දෙන්න ඕනෙ මහන්සිවෙලා ඕව ලියපු ඇත්තන්ට

      Delete
  3. අඩේ පසන් අයියා බ්ලොග් ලියනව කියල අදනෙ දන්නෙ, අහම්බෙන් සෙට්වුනේ. ප්‍රියම්බිකාවත් ඉන්නෙ, මම ඉන්නෙත් සෙනිඩ් මොබයිල් තමා, හැක් හැක්... දැං දතකට මැදගෙන හොයයි කවුද කියල, අල්ලයි මගෙ නැට්ට. මම නං සෑහෙන කාලෙකින් ලිව්වෙ නෑ, පරණ පෝස්ට් කෑලි ඇත්තෙ. නොලිව්වට කියවනව. සිංහල සීන් එක නං ඇත්ත, මම ජාවා ව‍ගේ දේවල් පවා මුලින් මීටර් අවුට් කාලෙ සිංහලෙන් හොයල කියවල ඉංග්‍රීසියෙන් කියෙව්ව. මාර වටිනව මේ සිංහල යුනිකෝඩ් හඳුන්වල දීපු එක සහ භාවිතා කිරීම. සිංහල විකීපීඩියා එක වුනත් දැං සෑහෙන හොදයි, ඉස්සරහට තව හැදෙයි. ජය ශ්‍රී ඈ...! ලඟදිම මමත් කන්ටිනියු...!

    ReplyDelete
    Replies
    1. බෑ බෑ කිව්වට මම හොයාගත්තනෙ ;)

      පුළුවන් වෙලාවට ලියන්න බලන්න.

      Delete
  4. බස්සිගෙ බ්ලොගේ කියවන්න පටන් අරගත්තට පස්සෙයි බස්ස හොයාගත්තෙ. 2010ත් ලියල නෙව. මාසෙකට මීට වැඩිය ලියන්න අදහසක් නැද්ද බස්සෝ?

    ReplyDelete
    Replies
    1. ලියන්න නම් කැමතියි. ඒත් වෙලාව තමා ප්‍රස්නෙ.......
      අපේ ජොබේ හැටි දන්නව නෙව

      Delete
  5. ඒක ඇත්ත. ඔය ක්‍රමේ මටත් වැදගත් වෙලා තියෙනවා සෑහෙන්න. මුල් කතෘ තුමන්ලාට නොසෑහෙන්න පින්...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි රතී. අපිටත් සතුටු වෙන්න පුළුවන් සුළුවෙන් උනත් ඒකට දායක වෙන නිසා.

      Delete
  6. මමත් මේක හොයාගත්තෙ බස්සි නිසා... එල එල... තව ලියපන් මචන්....

    ReplyDelete
    Replies
    1. සතූතියි මචෝ මේ පැත්තටත්් ආවට. ආයිත් ඇවිත් යන්න එන්කො.

      Delete
    2. බස්සිට තැන්කූ කියන්නෙ නැතෙයි?

      Delete
    3. ඔන්න බස්සිටත් තැන්කූ ඈ . . .

      Delete
  7. මමත් ගොඩක් වෙලාවට මේ ක්‍රමය පාවිච්චි කරනවා.

    ReplyDelete
    Replies
    1. දන්න් තේරෙන විදියට හොයාන්න පුළුවන් එන කාටත් පහසුවක්නෙ

      Delete
  8. මේවැනි වැදගත් ලිපි ලියන්නන්ට ජය වේවා...! අපිටද ජය වේවා :D

    බස්සගේ බ්ලොගේට ආවේ බස්සිගේ පාරෙන්...

    ReplyDelete
  9. පාර පෙන්නපු බස්සිටයි හොයාගෙන ආපු රෙහානිටයි දෙන්නටම ඉත්තූතියි ඈ

    ReplyDelete
  10. මාත් සිංහලෙන් ගොඩක් දේවල් හොයාගන්නවා ගුගල් හරහා ,, ඒ වගේම සමහර දේවල් හොයන්න ටයිප් කරද්දී මගේ පෝස්ට් එන්නේ එතකොට සතුට තව වැඩි ,, ඔයාලා ගුගලේ ඕනේ දිහාක ගහලා බලන්න "ඉගිල්ලෙන සිංහයෝ " කියලා එන්නේ ඔමාගේ හීන ,, ඉගිල්ලෙන මාළුවෝ ගහන්න එන්නේ "බස්සිගේ නවාතැන " අපි ලියන හැමදේම වගකීමෙන් සහ ඉතාම නිවැරදිව ලියන්න ඕනේ ,, ඒ මොකද කවදාහෝ කෙනෙක් අපේ ලිපිය කියවලා වැරදි දැනුමක් ගත්තොත් ඒක හරිම නරක දෙයක් ,, අපි සිංහල යුනිකේත වලින් හැකිතරම් නිවැරදිව ලියමු

    ReplyDelete
    Replies
    1. සිරාවට මමත් ඒක දැනුයි දන්නෙ. ඇත්තටම හරිම සතුටු හිතෙනවා නේද ඔමා?

      ඔන්න බස්සෝ මම තමයි ඔමාට පාර කිවුවෙ. :)

      Delete
  11. සිංහල ලියන්නන්ට ජය වේවා.

    ReplyDelete