සෑහෙන්න දවසකින්නෙ හරිහමන් නිවාඩුවක් හම්බවුනේ. ගේ එහෙම ටිකක් අස් පස් කරල දාල, නිවාඩු පාඩුවෙ උයාගෙන කාල එහෙම ඉන්න අතරෙ හිතුන බ්ලොග පැත්තට ඇවිත් මකුළුදැල් එහෙම කඩල පොඩ්ඩක් අළුත් කරල ගන්න.
ඉතින් කොහොමද ඔයාට? මට මේ පැත්තෙ එන්න බැරිවුනාට ඔයානම් මේ පැත්තෙ ඇවිත් හොයල බලල ගිහින් තියෙනව කියල හිට් කවුන්ටරේ බලපුවාම පේනව. බොහෝම ස්තූතියි මාව බලන්න ඇවිත් යනවට.
පහුගිය මාස දෙක තුන කියන්නෙ සංක්රන්ති සමයක්. රැකියා සථානය වෙනස් වුනා. කාමරේකට හිරවෙලා තිබුනු ජීවිතෙන් මිදිල අත පය දිගෑරල ඉන්න පුළුවන් තැනකට මාරු උනා. කඩේ කෑමට සමු දීල උයාගෙන කන්න පටන්ගත්ත. මේ වගේ ගොඩක් වෙනස්කම් වෙච්ච කාලයක් තමා පහුඋනේ. (මෙහෙම කියද්දි සමහරු පුදුමවෙලා අහනව . . . . . ත් මාරු කලාද කියලත්. නෑ නෑ බයවෙන්න එපා. ඒක සුපුරුදු පරිදි තියෙනව කිසිම වෙනසක් නැතුව)
ඔය අතරෙ බ්ලොගේ ආයෙත් ලියවන්න ඉල්ලීම්, යෝජනා, චෝදනා, ආයාචනා, තර්ජන, ගර්ජන, බලපෑම්, සුදු වෑන්, මැර තර්ජන වගේ දේවල් පවා ආවත් මම නෙමෙයි ඒවයින් සැළුනෙ. ;)
ඒත් ඉතින් මෙච්චර කාලයක් ඇදගෙන ආපු එක නිකන්ම වහල දාන්නෙ කොහොමද. සමහර යාළුවො හම්බුනාම කියනව පසන් ඔයාගෙ අර "මූණුපොත හොරු ගනීද?" ලිපිය බලල තමයි මාත් මගේ එකේ් සෙටිංස් හදාගත්තෙ කියල. තවත් කෙනෙක් කියනව අයියෙ අර "වින්ඩෝස් 7 වල wifi access-point එකක් හදමු......" ලිපිය හරිම ප්රයෝජනවත් උනා කියල. ඒ වෙලාවට පුංචි ආඩම්බරයක් ඇතිවෙනව අනේ මම පොඩි හරි වැදගත් දෙයක් කලා නේ කියල. (පොඩි ඇඩ් එකක් දාගත්තද මන්ද . . .)
හප්ෙප් මේ අවුරුද්දටම මක්කවත් ලියල නෑ නෙව. මාව එල්ලන්න එපැයි නේද . . . . බලමුකෝ මොනවහරි කරන්න. එහෙනම් ගිහින් එන්නම්කො . . . !
අනාආආආආ ඇවිල්ලා ඇවිල්ලා.
ReplyDeleteනිවාඩු දවසෙ බ්ලොගේ මකුලු දැල් කඩනව වගේ.
අලුත් පෝස්ට් එකක් දානව නේද? හලිසෝයි හලිසෝයි!!
හප්පේ දාන්න කලින්ම වැඩේ මාට්ටු වෙලා නෙව. හුඟ කාලෙකින් නිසාද කොහෙද ටයිටලේ ගහනකොටම පබිලිස් වෙලා ;)
ReplyDeleteඒ මොකද්ද අනේ ........ත් මාරු කොලාද කියන්නෙ? :0
Deleteදාමුකො ඉක්මනටම එහෙනං ඈ!!
ReplyDelete(බස්සි අක්කේ, මේ මනුස්සයා පෝස්ටු ලිව්වට මූණුපොතේ මාකටිං කරන්නේ නෑ. ඒ නිසා මේක දැම්මා වගේ මෙයා ලියන එව්වා ඔයා වත් මාකටිං දාන්න ඈ!!)
ඔව් අනේ ඔන්න මං මේක එෆ් බී සින්ඩි හත අටක දැම්මා. බස්සුවා ලිව්වට මාර්කටිං නෑනෙ.
Deleteඒ අන්න dream masala එකෙත් කවියක් ලියලා. අද බස්සු හොඳ නැකතකින් ඇහැරිලා තියෙන්නෙ.
හි හි හි......................
Deleteඒකටනේ මාකටිං දන්න කෙල්ලෙක් ඉන්නෙ නේද Gayan
හම්මෝ පසන් අයියේ, ඒකනං හොඳ වෙලාවට වෙලාවට ඈ!!!
Deleteමම අලුත්.අදමයි ආවේ මෙ පැත්තට අහම්බෙන් දෑකලා... ලියන්න සුභපැතුම් ඔයාට
ReplyDeleteසාදරෙන් පිලිගන්නව Mangala. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ
Deleteඑහෙනම් දැන් ඉතිං දිගටම ලියමු.
ReplyDeleteඅර හොඳ බස්සි වගේ දිගටම ලියන්න බස්සුවෝ.
Delete@ප්රියා බලමුකො නේද ලියන්න දිගටම
Delete@බස්සි
Deleteහම්මේ . . . . . !
උදේ ඇවිත් බලද්දී ටයිටලේ විතරක් තිබ්බා ,
ReplyDelete.................ත් මාරු කරලා නෑ කියලා අපි දැනගත්තා ,මොකද එහෙම වුනානම් ........ගේ නවාතැනේ කඳුළු පෙරාගෙන පෝස්ට් තියෙන්න එපයි
ඔව් නේ.
Deleteහුඟ කාලෙකින් නිසාද කොහෙද ටයිටලේ ගහනකොටම පබිලිස් වෙලා ;)
ඉවාන් ඔය හිස්තැන පුරවල තියෙන්නෙ හරියටම
මටත් ඔය හිස්තැන නිකම්ම පිරවුනා කියවද්දිම!!! ඒ වුනාට ඉතිං මේ ඉවාන් කිව්වා වගේ, එහෙම වුණානං මෙහෙට කලිං එහෙං දැනගන්න ලැබෙන නිසා එහෙම වෙලා නෑ කියලා තේරුණා, ඒ නිසා ඇහුවෙ නෑ ඉතිං!!
Deleteආයෙත් අහලා.... එහෙම උනානම් බසු පිහාටු තමයි එකතු කොරන්න වෙන්නෙ.
Deleteමේකත් බස්සගේ වෝල් එක වගේ වෙලා නේ.
ReplyDeleteඒනනේ . . .
Deleteඉතින් මේ බස්සගේ වෝල් එක නේන්නම්
Deleteඅද පෝයට බස්සෙක්ට නින්ද ගිහින් නෑ වගේ.. ඒක හොදා..
ReplyDeleteඅනෙ හම්මේ. . . . .
Deleteහැමදාම පෝය නම් හොඳා වගේ නේද දිනේශ් අයියෙ?
Deleteසෑහෙන කාලෙකින් නේන්නම්.....
ReplyDeleteඒක නේන්නම්. බලමුකො ඉස්සරහට මොනවහරි කරන්න
Deleteඔයා බස්සගෙ බ්ලොගට එනව මගෙ එකට එන්නෑ දැන් හරී නරකාආආයි...
Deleteඑහෙනම් ලියනකන් අපි මග බලන් ඉන්නවා ඈ
ReplyDelete"දෑස රිදෙනවා පාර බලා ඉඳලා . . . ." කියන්න වෙයිද දන්නෑ ;)
Deleteකියන්න ඕනෙ සින්දුවත් බස්සම කියල දුන්නු එක හොඳා නේද?
Deleteරවුම් ගානක් වෙන්න මම තිස්වෙනි කමෙන්ට් එක දැම්ම හොඳේ... ;) :පී
ReplyDelete