බ්ලොග් කියවන අයට ( විශේෂයෙන් මම වගේ) තියන ගැටලුවක්නෙ අලුත් පොස්ට් හොයගන්න එක. ගොඩ දෙනෙක් සින්ඩි වලින් හොයාගන්නව. සමහරු මූනුපොතේ ශෙයා කරාම බලනව. කොහොමහරි වෙන්න ඕන කියවන එකනේ.
මටත් හිතුන සින්ඩියක් කරන්න. හැබැයි වෙනස් විදියකට. හැමදාමත් ඇප්ස් එක්ක ඔට්ටුවෙන එකේ ඇයි බැරි සින්ඩි ඇප් එකක් කරන්න. ඉතින් වැඩේ පටන් අරන් කරගෙන ගියා අන්ඩ්රොයිඩ් වලට. පලවෙනි නිකුතුව දැම්ම .............. හිතවත් කීපදෙනෙකුට කිව්ව දාගෙන බලන්න කියල. වැඩේ අව්ලක් නෑ වගේ. ඒ අතරෙ වැදගත් වෙයි කියල හිතෙන තවත් අංගෝපාංග ටිකක් එකතුකරල ඊලඟ නිකුතුවත් දැම්ම. දැන් තියෙන්නෙ පොදුවේ ආරාධනය කරන්න හැමෝටම මේක පාවිච්චි කරල බලන්න කියල.
"අපේ සින්ඩිය" ලෙසින් කලඑලි බහින මගේ ඇන්ඩ්රොයිඩ් සින්ඩි ඇප් එක google play store එකෙන් ඔයාගෙ ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් දුරකතනයටත් දාගෙන බලන්න. මේ පින්තූරෙ තියන QR කෝඩ් එකෙන් ලේසියෙන්ම අැප් එක හොයාගන්න පුළුවන්.
හැම සින්ඩියක වගේම මගේ එකෙත් අළුත් ලිපි පෙන්වන තීරුවක් තියනව. ඊට අමතරව ඔයා කැමතිම බ්ලොග් වෙන්කරගන්නත් පුළුවන්. බ්ලොග් ලැයිස්තුවේ අදාල බ්ලොග් ලිපියෙ තියන තරු සලකුණ ඔබල Favorites ලැයිස්තුවට දාගත්තම හරි.
ලිපියක් තේරීම මගින් ඒක කියවන්න පුළුවන්.
අළුත් ලිපි Notification මගිනුත් ඔබට දන්වනව. ඒ් නිසා අළුත් ලිපි ඔබට මග අැරෙන්නෙන් නෑ.
මේක පාවිච්චි කරල බලන්න මම ඔබට අාරාධනා කරනව. ඒ් වගේම හොඳ නරක කියන්නත් අමතක කරන්න එපා.
හුරේ.. බස්සටයි බස්සිටයි උම්මා 😍 😍 😍
ReplyDeleteස්තූතියි සමී !!
DeleteDownload කලා ඒත් ඇප් එකෙන්ම කියවන්න බෑනෙ post එක open වෙන්න වෙන browser එකක් ඉල්ලනවා
ReplyDeleteස්තූතියි අැප් එක දාගත්තට.
Deleteඑහෙම වෙන්න නම් විදිහක් නෑ. මට තව විස්තර දෙනවද phone model එක, අැන්ඩ්රොයිඩ් version, phone එකේ තියන browsers වගේ දේවල්.
htc desire 10 , android 6.0 , browser නම් uc , firefox තව දෙක තුනක් තියනව .
DeleteApp එක නම් ගොඩක් වටිනව . Settings වලින් මොකක් හරි කරගන්න පුලුවන් වෙයිද කියල බලන්නම්. ස්තූතිය
Settings වලින් ගොඩදාගන්න බැරිවුනොත් කියන්නකො . . .
Deleteස්තුතියි ! බස්සී.
ReplyDeleteබොහොම ස්තුතියි Chandi !!
Deleteබස්සී නෙමෙයි බස්ස ;)
Thank you
ReplyDeleteබොහොම ස්තුතියි Wasana අක්කේ !!
Deleteහොඳ වැඩක්.
ReplyDeleteබොහොම ස්තූතියි !!
Deleteමම ඔය වැඩේට පාවිච්චි කරනවා Feedly ... ඒකට වැඩිය මේකේ මොකද්ද වෙනස? https://feedly.com/
ReplyDeleteමම මෙන්න මේකේන් එකක් හදාගත්තා , ඒකෙදි එන්නේ සම්පූර්ණ බ්ලොග් පිටුවම , ඔයාගේ වාගේ ලිස්ට් එකක් නෙමෙයි ... එහෙම අවුල් ... ඔයාගේ එක පැහැදිලියි ... ප්ලේස්ටෝ එකට දාන්නේ කොහොමද ඇප් එක
ReplyDeletehttp://අටම්පහිය අැන්ඩ්රොයිඩ් ඇප්
ඔතනින් apk file එක අරගෙන ප්ලේ ස්ටොර් දාගන්න පුලුවන්. ප්ලේ ස්ටොර් ගිහින් එකවුන්ට් එකක් හදාගෙන අප්ලෝඩ් කරන්න.
Deleteඋදව්වක් උවමනා නම් කියන්න අටමෝ
Meeka playstore wala nene
ReplyDelete