Tuesday, October 25, 2011

වසරක් ආ මග..........................

හැක් කරපු ෆේස්බුක් ගිනුමක් නිසා ඇරඹුනු මගේ සිංහල බ්ලොග් කරණයට අදට හරියටම අවුරුද්දක්. අද වෙද්දි 15947 වාරයක් බ්ලොග් එක කියවල. මගේ ලිපි 18 ට ඔබේ අදහස් 66 ක් එකතුවෙලා. මේ දක්වා  මාව ගෙනාවෙ ඔයයි. ඔයාල මගේ අදහස් කියවන නිසයි තව තවත් ලියන්න හිතෙන්නෙ. ලියන ලිපිය යටින් ඔයාගෙ අදහසකුත් තියනව දකින එක තරම් තවත් සතුටක් බ්ලොග් කරුවෙකුට නැහැ. 
මේ ගෙවෙන්නෙ මගේ සරසවි දිවියෙ අවසන් දින කීපය. ප්‍රොජෙක්ට වල වැඩ වලට සෑහෙන්න මහන්සි වෙන්න වුනා. පහුගිය මාස දෙක තුනේ බ්ලොග් එක පැත්තවත් බලන්න බැරිවුනේ ඒ නිසයි. ඒත් ඉතින් බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන දවස නිකන්ම අතැරල දාන්නත් බෑනෙ. 
ඔයාට බොහොම ස්තූතියි වසරක් පුරාවට මගේ අදහස් කියෙවුවට. ඉස්සරහටත් ඔයා මාත් එක්ක ඉන්නව කියල මම හොඳටම දන්නව. 
මේ මල් මිට මෙතෙක් දුර මා සමගින් ආ ඔයාටයි!!!!

6 comments:

  1. සුබ පැතුම්!

    ReplyDelete
  2. yippeeeeee!!!!!!!!!!!!!!1
    මගේ ෆේස්බුක් එක හැක් කරපු එකාට ස්තූති කරන්න ඕනෙ.
    මගේ උණුසුම් සුබපැතුම් පසන් අයියේ!!!
    :-)

    ReplyDelete
  3. මගේ සුභ පැතුම්!!!

    ReplyDelete
  4. සුභ පැතුම් අයියා

    ReplyDelete