Saturday, December 3, 2011

ජීවිතේ නව මගක...................

මුලින්ම පෙර පාසලේ. ඊට පස්සෙ ප්‍රාථමික අධ්‍යාපනය මාතර ඕල්කට් ආදර්ශ විදුහලෙන්. ශිෂ්‍යත්ව කඩුල්ලෙන් පස්සෙ මාතර සාන්ත තෝමස් කුමර විදුහලට. සා. පෙළ, උ.පෙළ කඩුළු පැනගෙන අන්තිමට නැවතුනේ කැළණි විශ්ව විද්‍යාලයේ භොතීය විද්‍යා අංශයේ. පොඩි කාලෙ ඉඳන්ම ආසාව තිබුනෙ ඉලෙක්ට්‍රොණික් වලට. බැටරි, වයර් කෑලි අරගෙන එක එක දේවල් හදන එක ඒකාලෙ ඉඳන්ම කලා. (ඒකනේ ගෙදර තිබුනු හුඟක් විදුලි උපකරණ වීසිකරන්න සිද්ධවුනේ) ඕ ලෙවල් කරන කාලෙ තමා පරිගණකයට හිත යන්නෙ.
වාසනාවකට කැම්පස් එකේදි මේ කැමතිම විශයන් දෙකම ඉගෙනගන්න අවස්ථාව ලැබුන. මේ කාලෙදිමයි ස්වාධින වෙබ් අඩවි නිර්මාණකරුවෙක් විදියට වැඩ පටන්ගන්නෙ. කැම්පස් ඉන්න කාලෙ ඇතුලත පරිගණකයත් එක්ක ගොඩක් දුර යන්න පුළුවන් උනා. ඒ කාලෙ යාළුවො කියන්නෙ පසන ලැප් එකත් එක්ක ගොඩ ගිහින් කියල. දැන් නම් එහෙම කියන්න බෑනෙ ;)
මේ අවුරුද්දෙ නොවැම්බර් 9 න් කැම්පස් ජීවිතෙත් අවසන්. ශිෂ්‍යයෙක් විදියට ගතකරපු ජීවිතය ඒ විදියට ගෙවිල යද්දි වෘත්තීය ජීවිතේ අරඹන්න ඔනනේ. 
ලංකාවෙ දැවැන්ත මෘදුකාංග සංවර්ධන ආයතනයනට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුන. නොවැම්බර් 18 ඉඳන් එතන වැඩ. මට පැවරිලා තියෙන්නෙ Windows Phone 7 වැඩසටහන් කීපයක් නිර්මාණය කරන්න. 

දැන් ඉතින් ජීවිතය ගෙවෙන්නෙ ඒව එක්ක............. 


6 comments:

  1. අපේ සුබ පැතුම්!

    ReplyDelete
  2. ඔයාල campus එකේ නැති එකත් අපිට ලොකු පාඩුවක්...
    ගොඩක් අය faculty එක වෙනුවෙන් කියමින් ඒකෙ නම විනාශ කරමින් පුස් වීරයෝ වෙද්දි ඒ මැද නිහඩව අර්ථවත් දෙයක් කරපු ඔයාල තමයි අපේ campus 1, faculty 1 බබලවන්නේ...
    ඉක්මනින්ම ඔයා ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වේවි...
    දැවැන්ත ඉදිරි ගමනකට අපේ අවංක සුබ පැතුම් අයියේ!
    -PS2008 මල්ලි කෙනෙක්-

    ReplyDelete
  3. බොහොම ස්තූතියි ඔයාල දෙන්නටම. නම නොකීවත් ඔයාලගෙ අදහස් මට ගොඩක් වටින
    @PS2008 මල්ලි මම කැම්පස් එකෙන් ගියත් ඔයාලට කරන දේ දිහා බලාගෙන ඉන්නෙ. ඔයාලට ඔනම උදව්වක් දෙන්න මම සූදානම්.

    ReplyDelete
  4. සුභ පැතුම් අයියා

    ReplyDelete
  5. ජීවිතය ජයගන්න අපෙන් සුබ පැතුම්

    ReplyDelete
  6. සුභ පැතුම් අයියා. අපි දැන ගෙන හිටියා ඹයා හොඳ වැඩකාරයෙක් බව. නමුත් නිහඩ ජීවිතයක් ගත කල ඹයා ගැන දැන ගෙන හිටියේ අපේ බැජ් එකේ කීප දෙනෙකු පමණයි. මොකද අපේ කැම්පස් එකේ හිටිය ගොඩක් අය කාඩ්බෝඩ් වීරයෝ විතරයි.
    PS 2009 මල්ලී කෙනෙක්...

    ReplyDelete