Wednesday, November 24, 2010

අගයකිරීම......................

මුලින්ම කියන්න ඕන මේක මම ලියපු කතාවක් නම් නෙමෙයි. මේක මේ ෆාති මට එවපු මේල් එකක තිබුන කතාවක්. මම කලේ කඩ්ඩ සිංහලට හරවපු එක විතරයි. ස්තූතිය ලියපු කෙනාට! (ඒත් කවුද කියල නම් දන්නෙ නෑ)
මේ කතාවෙ කතා නායකයා කලමණාකරණය අංශයෙන් හොඳට ඉහලටම ඉගෙන ගත් තරුණයෙක්. එයා දැවන්ත සමාගමක කලමණාකරු තනතුරකට ඉල්ලුම් කලා. එයාගෙ සුදුසුකම් නිසා පලමු වටයේ සම්මුඛ පරීක්ෂණයෙන් ලේසියෙන්ම සමත් උනා. අවසාන සම්මුඛ පරීක්ෂණය තියන්නෙ සමාගමේ අධ්‍යක්ෂකවරයා විසින්මයි. එයා තමයි අවසාන තීරණය ගන්නෙ.
මේ තරුණයගෙ ඉල්ලුම්පත්‍රය බලපු අධ්‍යක්ෂකවරය දැක්ක මේ තරුණයගෙ අධ්‍යාපන සුදුසු කම් නම් ඉතා ඉහල බව. එයා පාසලේ ඉඳන් පශ්චාත් උපාධි පර්යේශණය අවසානය දක්වාම සෑම වසරකම ඉහලම ලකුණු ලබාගෙන තිබුනා.
 ඉතින් අධ්‍යක්ෂකවරය මේ තරුණයගෙන් ඇහුව "ඔබට පාසලෙන් ශිෂ්‍යත්වයක්වත් ලබුනද?" කියල.
තරුණයගෙ උත්තරය උනේ "නෑ" කියල.
ඒ පාර අධ්‍යක්ෂකවරය ඇහුව "ඔබේ පියාද පාසල් ගාස්තු ගෙව්වෙ?" කියල.
"අපේ තාත්ත නැති වෙද්දි මට වයස අවුරුද්දක් විතර ඇති.  අපේ අම්ම තමයි පාසල් ගාස්තු සියල්ලම ගෙව්වෙ." කියල තරුණය උත්තර දුන්න.
අධ්‍යක්ෂකවරයගෙ ඊලඟ ප්‍රශ්නය උනේ "අම්ම මොනවද කරන්නෙ?" කියල.
ඉතින් මේ තරුණය කිවුව "අපේ අම්ම රෙදි සෝදන්නියක් විදියට වැඩ කරනව" කියල.
"ඔබේ අත්දෙක පෙන්වන්න." කියල අධ්‍යක්ෂකවරය තරුණයගෙන් ඉල්ලුව. ඉතින් මේ තරුණය පුදුමෙන් අධ්‍යක්ෂක වරයට දෑත් දිගුකලා. ඔහුගේ දෑත් සිනිඳුවට සුමුදුවට තියෙනව දැකපු අධ්‍යක්ෂකවරය තරුණයාගෙන් අහුව "ඔබ කවදා හරි අම්මට රෙදි සෝදන්න උදව් කරල තියෙනවද?" කියල.
"නෑ, අපේ අම්මට ඕන උනේ මම හොඳට ඉගෙනගන්නයි. ඉතින් මම හැමවිටම කලේ හොදින් ඉගෙන ගන්න එකයි වැඩි වැඩියෙන් පොත් කියවපු එකයි. අනික මට වඩා වේගයෙන් හොඳින් රෙදි සෝදන්න අම්මට පුළුවන්." කියල තරුණය උත්තර දුන්න.
එතකොට අධ්‍යක්ෂකවරය කිව්ව "මට ඔබෙන් එක ඉල්ලීමක් කරන්න තියෙනව. දැන් ඔබ ගෙදර යන්න. ගිහින් අම්මගෙ අත්දෙක හොඳින් සෝදන්න. ඉන්පස්සෙ හෙට ඇවිත් මාව හමුවෙන්න."
මේ තරුණයට තිබුනෙ කොහොමහරි මේ රැකියාව ලබාගැනීමේ උවමනාවක්.  ඔහු ගෙදර ගිය ගමන්ම සතුටින් "අම්මේ මට ඉඩදෙන්න ඔයාගෙ අත්දෙක සෝදන්න." කියල අම්මගෙන් ඉල්ලාසිටියා. අම්ම සතුටටත් පුදුමයටත් පත් උනා. ඇය ඇගේ දෑත් තම පුතා වෙත දිගුකලා.
තරුණයා සෙමෙන් අම්මගෙ අත් දෙක සෝදන්න පටන්ගත්ත.  ඔහු මේක කරද්දි ඔහුගේ දෑසින් කඳුළු කඩාහලෙන්න පටන්ගත්ත. මේ තමයි ඔහු අම්මගෙ දෑත් දිහා බලපු පලමුවෙනි වතාව. අම්මගෙ අත් හොඳටම රැලි වැටිල තිබුන. ඒ වගේම අතේ හුඟක් තැන් වල හම ගැලවිලා තුවාල වෙලා තිබුන. සමහර තුවාල ඉතාම වේදනාකාරී උනා ඒවා වතුරෙන් සෝදද්දි.
 දැන් තමයි මේ තරුණය තේරුම්ගත්තෙ මේ අත්දෙක හැමදාම කොයිතරම් රෙදිගොඩක් සෝදල තියෙනවද කියල තමන්ගෙ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් ලබාදෙන්න. තමන්ගෙ උපාධිය, අනෙක් අධ්‍යාපනික විශිෂ්ඨතා හා තමන්ගේ අනාගතය වෙනුවෙන් අම්මට ගෙවන්න සිදුවුන මිල මේ අත්වල තියෙන තුවාල බව ඔහුට අවබෝධ උනා.
අම්මගෙ අත්දෙක සෝදල ඉවරවුන ගමන්ම ඔහු අම්මට සෝදන්න ඉතිරිවෙලා තිබුනු රෙදිටිකත් ඉක්මනට සෝදලදැම්ම.
එදා රෑ මේ අම්මටයි පුතටයි ගොඩාක් කාලෙකට පස්සෙ කතාකරකර ඉන්න අවස්ථාව ලැබුන.
ඊලඟ දවසෙ මේ තරුණය, අධ්‍යක්ෂක වරය හමුවෙන්න ගියා. අධ්‍යක්ෂකවරය දැක්ක තරුණයගෙ ඇස්වල කඳුළු පිරිල තියෙනව. "ඔබට කියන්න පුළුවන්ද මොනවද ඔබ ඊයෙ ගෙදරදි කලේ කියල? මොනවද ඔබ ඒකෙන් ඉගෙනගත්තෙ?" අධ්‍යක්ෂකවරය තරුණයගෙන් ඇහුව.
"මම ඊයෙ අම්මගෙ අත්දෙක සේදුවා. ඒවගේම ඉතිරිවෙලා තිබුනු රෙදිටිකත් මම සෝදල දැම්ම." තරුණය උත්තර දුන්න.
"මට කියන්න දැන් ඔබට දැනෙන්නෙ මොනවගේද? " අධ්‍යක්ෂකවරය ආයිත් ඇහුව.
"පළවෙනි කාරණය මම දන් දන්නව මොකක්ද අගයකිරීම කියන්නෙ කියල. මගේ අම්ම නැත්නම් මට අද මේ වගේ සාර්ථක තත්වයකට පත්වෙන්න ලබෙන්නේ නෑ. දෙවැනි කාරණය මම ඉගෙනගත්තෙ මගෙ අම්මගෙ වැඩ වලට උදවු කරන්න ගියාමයි. මම දැන් දන්නව සමහර වැඩ කරන්න කොයිතරම් අමාරුද කියල. තුන්වෙනි කාරණය තමයි මම දන්නව පවුල් සම්බන්ධතාවල වැදගත්කම වගේම වටිනකම අගයන්නත්." කියල මේ තරුණය උත්තර දුන්න.
"මේ තමයි මම හොයපු කලමනකරු. මට ඕන උනේ අනිත් අය කරන උදවු අගයකරන්න පුලුවන්, අනෙක් අය වැඩ කරන්න විඳින දුක තෙරුම්ගන්න පුළුවන් ඒවගේම ජීවිතයේ එකම ඉලක්කය මුදල් නොවන කෙනෙක්වයි. මට ඔහුව හමුවුනා." අධ්‍යක්ෂකවරයා සතුටින් කිව්ව.

මේ කතාව මේ විදියට සතුටුදායක විදියට අවසන් උනත් මේකෙන් අපේ ජීවිත වලට ගන්න තියෙන දේ නම් ඉතාම විශාලයි. ඒ නිසාම මට හිතෙනදේත් මේකට එකතුකරන්න හිතුන.
හැම අධ්‍යක්ෂකවරයෙක්ම නිලධාරීන් බඳවගනිද්දි මේ විදියට හිතනවනම් ආයතනයට වගේම සේවක සේවිකාවන්ටත් ඒක ඉතාම හිතකර වෙනවා. මොකද දැන් ඉන්න වැඩි දෙනෙක් අනිත් අය අගයකිරීම කෙසේ වෙතත් තමන්ට ඉහලට එන්න උදවුකරපු අයවත් අමතක කරලදාල හැමදේම තමන් තනිවවම ලබගත්ත වගේ ඉන්න නිසා.
අපිව මේ තත්වෙට ගේන්න අපේ අම්මයි තාත්තයි කොච්චර මහන්සිවෙලා තියෙනවද, මහන්සිවෙනවද. කොච්චර දුක් විඳල ඇද්ද. සමහර දේවල් මේ කතාවෙ වගේම දරුවො දන්නෙ නෑ. ඒ වගේම අපේ දියුණුවට උදවු කරපු තාමත් උදවු කරන අය කොයිතරම් ඉන්නවද. අපිට ඒ අය කරන දේ අගය කරන්න පුලුවන් නම් ඒක ඒ අයට කොයිතරම් නම් වටිනවද. ඒ නිසා හැමවිටම අනෙක් අය කරන උදවු උපකාර අගයකරන්න පුරුදුවෙන්න. සමහර විට ඒ අය අගයකිරීමක් බලාපොරොත්තු නොවෙන්න පුලුවන්. එත් ඒ අගයකිරීමෙන් එ අය කොයිතරම් සතුටක් ලබනවද කියල කවුරුහරි ඔබව අගය කරපුදාට ඔබටම තේරේවි.
අපි දැන් ඉන්නෙ සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් කියල හිතාගෙන ඉන්න සමාජයකනේ. එත් අනිත් හැමදේම අමතක කරල සල්ලි පස්සෙම දුවන අයට දුවල දුවල හතිවැටිල නැවතිලා බලද්දි  තේරෙයි කවදාවත් සල්ලි වලට ගන්න බැරි, සල්ලි වලට වඩා ගොඩාක් වටින ආදරය, හිතවත්කම්, නෑදෑකම්, සතුට වගේ දේවල් ගොඩක් තමන්ට අහිමි වෙලා කියල. එදාට නම් බොහොම ප්‍රමාද වැඩියි.
ඒ නිසා පොඩ්ඩක් නැවතිලා මේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතන්න.

4 comments:

  1. ඇත්ත... කොහොම උනත් හදපු අම්මා තාත්තා අපිව හදා ගත්ත හැටි එ අමාරුකම් අමතක කරන්න බැ... කොහොමත් අතිතය අමතක කරලා වර්තමානයක් ගොඩ නගා ගන්න බැ,,,,

    ReplyDelete
  2. thanks for translating this pasan
    fathy!!!!!!!!!

    ReplyDelete
  3. Great work both fathi and Pasan !!!

    ReplyDelete