Saturday, November 27, 2010

යුනිකෝඩ් නැතිව සිංහල ලියමුද? - දෙවන කොටස

ඔන්න කලින් ලිපියෙන් පොරොන්දු උන විදියට මම දැන් කියන්න යන්නෙ කොහොමද ෆොන්ට් එකක් ජාවා ස්ක්‍රිප්ට් එකකට හරවගන්නෙ කියල. ඒත් ඊට කලින් කියන්න දෙයක් තියෙනව. කලින් ලිපියෙදි අමතකවුනා කියන්න, කොහොමද මේක වෙන්නෙ කියල. 
මම මේකට භාවිතා කරන්නෙ cufon. cufon කියන්නෙ sIRF (Scalable Inman Flash Replacement) වලට හොඳ ආදේශකයක්. sIRF වලදි කරන්නෙ අකුරු ඊට අදාල ෆ්ලෑෂ් අංගයකින්(flash element) ප්‍රතිස්ථාපනය(replace) කිරීම.  cufon වලදි ෆ්ලෑෂ් අංග වෙනුවට දෛශික චිත්‍රක(vector drawings) භාවිතා කරනව. 
cufon වල කොටස් දෙකක් තියෙනව. එකක් තමයි font generator එක. ඒකෙන් කරන්නෙ අපි භාවිතා ක‍රන ttf හරි otf ෆොන්ට් ජාවා ස්ක්‍රිප්ට් එකක් බවට හරවල දෙන එක. වැඩේ වෙන්නෙ මෙහෙමයි.
දැන් ජාවා ස්ක්‍රිප්ට් එකේ තියෙන්නෙ අකුරු අඳින්න ඕනකරන විස්තර.  අනිත් කොටස තමයි renderer එක. ඒකෙන් තමයි අර අපි හදාගත්ත ජාවා ස්ක්‍රිප්ට් එකට අනූව අකුරු අඳින්නෙ. මේ විස්තර ටික කිව්වෙ තාක්‍ෂණික පැත්තට ටිකක් බර අයට. වැඩි විස්තර ඕන නම් මෙතනින් බලාගන්න.
දැන් අපි වැඩේ පටන්ගමුකො. මුලින්ම කරන්න ඕන අපිට ඕන ෆොන්ට් එක ජාවා ස්ක්‍රිප්ට් එකකට හරවගන්න එක. ඒක මෙතනින් කරගන්න පුලුවන්. ඒකට ගියාම මේ වගේ ෆොර්ම් එකක් තියෙනව. 

 මේකෙන් ඕනකරන ෆොන්ට් ෆයිල් එක ලබාදීල ඒක ජාවා ස්ක්‍රිප්ට් එකකට හරවගන්න පුලුවන්. මම මෙතනදි ඒගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. ඒ ගැන අව්ලක් තියෙනවනම් කියන්න, මම වැඩි විස්තර දෙන්නම්.
වැඩේ හරියට කලානම් ඔයාට ලැබෙයි ජාවා ස්ක්‍රිප්ට් ෆයිල් එකක්. ඒක සුරැකිව තියාගන්න.  
ඊට අමතරව අපිට ඕනවෙනව cufon renderer එකත්. ඒක මෙතනින් ගන්න පුලුවන්. ඒකත් ජාවා ස්ක්‍රිප්ට් එකක්. ඒකත් සේව් කරගන්න.
දැන් ඕනකරන කලමනා ටික නම් හරි. වැඩෙ පටන්ගන්නයි තියෙන්නෙ.
මුලින්ම කරන්න ඕන මේ ජාවා ස්ක්‍රිප්ට් දෙක අපේ බ්ලොග් එකට හරි වෙබ් අඩවියට හරි සම්බන්ධ කරන එක. ඒක කලින් ලිපියෙන් කිව්වනෙ. බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න. බ්ලොගර් පාවිච්චි කරන අය ජාවා ස්ක්‍රිප්ට් දෙක විවෘත්ත කරල අන්තර්ගතය අර මම කියපු විදියට ඇතුලත් කරගන්න.
ඊලඟට තියෙන්නෙ අපිට අවශ්‍ය සිංහල කොටස අපේ වෙබ් පිටුවට ඇතුලත් කරගන්න. සිංහල කොටස යතුරු ලියනය කරගන්න ඔයාගෙ වදන් සකසනය භාවිතා කරන්න පුලුවන් නෙ. ඒ කොටස කරගත්තට පස්සෙ අපේ කේතය මේ වගේ දැකගන්න පුළුවන්.
 ඊලඟට තියෙන්නෙ වැදගත්ම කොටස. ඒ මේ අකුරු ටික දෛශික චිත්‍රක(vector drawings) වලින් ප්‍රතිස්ථාපනය(replace) කරන්නයි. ඒකට කරන්න තියෙන්නෙ මේ කේත කොටස එකතුකරන එක විතරයි.
<script type="text/javascript">
       Cufon.replace('div');
</script>
මේකෙන් කරන්නෙ div එක අතුලෙ තියෙන ඔක්කොම අකුරුදෛශික චිත්‍රක බවට හරවන එක. එතකොට අපේ සම්පූර්ණ කේතයම මේ වගේ දකින්න පුලුවන්.
ඔන්න වැඩේ හරි. දැන් තියෙන්නෙ වැඩේ දුවවල බලන්නයි. බැලුවම තේරෙයි පොඩි අව්ලක් තියෙනව කියල. මෙහෙමනේ පේන්නෙ.
මෙතනදි වෙලා තියෙන්නෙ හැම එකක්ම අකුරක් විදියට අරගෙන. ඉස්පිලි, පාපිලි හැම එකක්ම. ඉතින් ඒවටත් අකුරක ඉඩ තියාගෙන. මම ඒකටත් විසඳුමක් හොයාගත්ත. 
මේක සෑහෙන්න දිග වෙලා. දැනට මේ ටික කරල බලන්නකො. ඉස්සෙල්ලාම බ්ලොග් එකට දාන්නෙ නැතුව නිකන් කරල බලන්න. ඊලඟ ලිපියෙන් කියන්නම් විසඳුම. ඔයාලගෙ පහසුවට උදාහරණයකුත් දැම්ම ඔන්න. ඒක මෙතනින් ගන්න. ගොඩාක් විස්තර කිව්වෙ නෑ ඔයාලට එපා වෙන නිසා. ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් එකේ අහන්න. පටස්ගාල උත්තර ලැබෙයි.

2 comments: