Friday, November 19, 2010

හීන පිරුණු ජීවිතය..............

ඔයත් හීන දකිනවද?    ඒ    නින්දෙදිද?    අවදියෙන්ද?

මම මේ කියන්න යන්නෙ නින්දෙදි දකින හීන ගැන නම් නෙමෙයි. අපි අවදියෙන් ඉඳගෙන දකින හීන ගැන. නින්දෙදි දකින හීන නම් අවදි වෙද්දි අමතක වෙලා, මැකිල යනව. ඒත් අපි අවදියෙන් ඉඳගෙන අපේ අනාගතය ගැන දකින හීන නම් එහෙම ලේසියෙන් මැකිල යන්නෙ නෑ. ඒ හීන තමයි අපිව ජීවත් කරවන්නෙ. අපේ ජීවිතයට එකම හීනයක් වත් නැත්නම් ඒ ජීවිතය ගතකිරීම අපිටම වදයක් වෙනව. ඒ නිසා සතුටින් ජීවත් වෙන්න නම් අපේ ජීවිතයට ලස්සන හීනයක් නම් ඕනමයි.

ඒ වගේම අනෙක් අයගෙ හීන වලට හිනා වෙන්න නම් එපා. මොකද එයාගෙ හීනය අපිට වටින්නෙ නැති උනාට එයාට ඒක හුඟක් වටින නිසා. ඒ වගේම අනෙක් අයගෙ හීන වලට ඊරිසියා කිරීම වගේම වෛර කරන එකත් හරිම නරක දෙයක්. ඒකෙන් හානි වෙන්නෙ තමන්ටමයි කියල මතක තියාගන්න ඕන.
 
පොඩි කාලෙ ඉඳලම අපේ ජීවිත වල එක එක හීන තිබුන. තාමත් තියෙනව. සමහර හීන නම් දැන් සැබෑ වෙලා. සමහර හීන හැබෑ වෙනකන් අපි බලාගෙන ඉන්නව. එත් සමහර හීන අපෙන් ඈත් වෙලා වියකිලා ගිහින්. 

හිත ඇතුලෙ ගොඩක් කල් හිරවෙලා තිබුනු හීනයක් සැබෑ උනාම අපිට කොච්චර සතුටු හිතෙනවද. ඒ වගේම එ සතුට අපට මගෙ පෙන්වනවා තවත් ඒ වගේ සුන්දර හීන දකින්න.  ඒත් දරාගන්න බැරිතරම් හීන පුරවගත්තොත් නම් සතුටින් ඉන්න අමාරුයි. මොකද  හීන වල බර වැඩි උනාම ජීවිත ගමනේ වැඩි දුරක් යන්න කලින් අපි හති වැටෙන නිසා.

ඒ වගේමයි අපි ආදරෙන් රැකගෙන ආපු හීනයක් අපෙන් ඈත්වෙලා වියකිලා යද්දි නම් අපට ඒක දරාගන්න අමරුයි. එත් අමාරුවෙන් හරි, වියකිලා යන හීනයට වියැකෙන්න ඉඩ දෙන්න. ඒ හිඩැස තවත් ලස්සන හීනයක නවාතැන කරගන්න.  එතකොට ඔයා ආයිත් සතුටින්. 

හැම වෙලාවෙම ඔයාව සතුටින් තියන හීන විතරක් ඔයා ගාවින් තියාගන්න. අනෙක් ඒව මැකිල යන්න ඉඩ දෙන්න. මොකද අපිව සතුටින් තියන්න බැරි හීන අපිටත් වැඩක් නැති නිසා. 

ජීවිතයට ලස්සන හීනයක් තියාගන්න. හැමවිටම සතුටින් ඉන්න.


මේ ගැන ඔයාට හිතෙන දේත් පහලින් ලියල යන්න..................................... 

4 comments:

  1. තව කෙනෙක් තමුන්ගේ හීන වලට ඊරිසියා කරලා ඒ මැද්දට බලෙන් කඩ​න් පැන්නාම ඈතිවෙන තත්ත්වය ගැන සමනලී නම් හොදට දන්නවා. අනුන්ගේ හීන වලට එහෙම කලාම තමුන්ගේ හීන හීනයක්ම විතරක් වෙලා තියෙන බව ඒ අය දන්නේ නෑ....

    ReplyDelete
  2. All men who have achieved great things have been great dreamers.
    Orison Swett Marden

    ReplyDelete
  3. I never create targets....but I dream...
    Cos,,,if u fail to achieve the target,,it is gone forever.... but...though u are unable to achive your dream..u can still dream................

    ReplyDelete
  4. පෙනෙනා නිසා............. අඳුරේ පවා..............
    සිහිනේ වටී..................... පැතුමට වඩා..............

    ReplyDelete