Sunday, November 21, 2010

Wordpress පරන වෙලාද? එහෙනම් අලුත් කරමු

මේක ලියන්න හිතුනෙ මේ දවස් වල සෙට් වෙලා තියෙන වැඩෙත් මේකට සම්බන්ධ නිසා. ඒ තමයි Wordpress සයිට් එකක් අප්ඩේට් කරල ඒක Speed up කරන එක. ඒක තිබුනෙ 2.2.2 වල. දැන් තියෙන්නෙ 3.0.1 නෙ. ඉතින් ලොකු කට්ටක් කන්න උනා අලුත් එකට ගේන්න. ඉතින් ඒක කරද්දි හොයාගත්තු දේවල් ටික ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන.

Wordpress කියන්නෙ දැනට තියෙන හොඳම CMS (Content Management System - සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. ඔයා දන්නවනම් මටත් කියන්න) එකනෙ. එහෙම කිව්වෙ මේ අවුරුද්දෙ Open Source CMS Hall of Fame award එක දිනාගත්තෙ Wordpress නිසා.ඒ ගැන වැඩි විස්තර ඕන නම් මෙතනින් බලාගන්න පුළුවන්.
ඔයාගෙ බ්ලොග් එකත්  Wordpress නම් පොඩ්ඩක් බලන්න අප්ඩේට් කරලද කියල. නැත්නම් මෙහෙමයි අප්ඩේට් කරගන්නෙ.

 ඊට කලින් කියල ඉන්නම් ඇයි අපි අපේ Wordpress සංස්කරණය අප්ඩේට් කරන්න ඕන කියල. Wordpress සංස්කරණය අලුත් කරන්නෙ එක්කො පරණ එකේ අඩුපාඩුවක් හදල. එහෙමත් නැත්නම් අලුත් දේවල් ටිකක් එකතුකරල. ඉතින් ඇයි අපි අලුත් නොවී ඉන්නෙ?

මුලින්ම බලන්න ඕන ඔයාගෙ Wordpress සංස්කරණය මොකක්ද කියල.  ඒක 2.7 හරි ඊට පස්සෙ ආපු සංස්කරණයක් නම් වැඩේ ලේසියි. මොකද 2.7 වලට පස්සෙ ආපු සංස්කරණ වල Automatic Update Plugin එක තියෙනවා. ඒකෙන් අලුත් සංස්කරණයක් ආවහම ඔයාට ඒක පෙන්වනව ඇඩ්මින් ඒරියා එකෙ. ඉතින් ඔයාට තියෙන්නෙ ඒ ලින්ක් එක ක්ලික් කරන්න. 
ඒත් මම කියන්න යන්නෙ එහෙම නැතුව තමන්ම ඒ වැඩේ කරගන්න හැටියි. (Manual අප්ඩේට් කරන හැටි)
වැදගත්ම කාරණය තමයි ඔයාගෙ Wordpress සංස්කරණය මොකක්ද කියන එක. ඒක 2.9 හරි ඊට වඩා අලුත් එකක් නම් කෙලින්ම 3.0.1 වලට අප්ඩේට් කරන පුලුවන්. ඒත් ඊට වඩා පරන එකක් නම් පිලිවෙලට අප්ඩේට් කරගෙන එන්න වෙනවා. මම අර කියපු එක අප්ඩේට් කරද්දි මට 2.2.2 => 2.3 => 2.5 =>2.6 => 2.7 => 2.9 =>3.0.1 විදියට පිලිවෙලට අප්ඩේට් කරගෙන එන්න උනා.
මුලින්ම  ඕන කරන සංස්කරණ ටික බා ගන්න (Download). ඔයාට ඕන කරන සංස්කරණ මෙතනින් ගන්න පුලුවන්.
ඊට පස්සෙ ඔයාගෙ බ්ලොග් එකේ ඇඩ්මින් ඒරිය එකට ගිහින් සියළුම ප්ලගින් (plugin) නවත්තන්න (disable කරන්න) ඕන. තීම් එකත් සම්මත (default) එකට මාරු කරන්න. කෝකටත් කියල ෆයිල් ටිකයි ඩේටාබේස් එකයි බැකප් (backup) කරගන්න එක හොඳයි.
සර්වර් එකට ලොග් වෙලා wp-config.php ෆයිල් එකයි wp-content, wp-images කියන ෆෝල්ඩර් දෙකයි ඇරෙන්න අනෙක් ඒවා මකල දාන්න. ඔයා අමතර භාෂා අන්තර්ගත කරල තියෙනවනම් wp-includes/languages/ ෆෝල්ඩර් එක මකන්න එපා. ඒ වගේම .htaccess ෆයිල් එක වෙනස් කරලනම් එකත් මකන්න එපා. Wordpress වල එන ෆයිල් හරි ෆෝල්ඩර් වලට අමතරව ඔයා දාපු ෆයිල් හරි ෆෝල්ඩර් හරි තියෙනවනම් එවා මකන්න එපා කියල කියන්න ඔන නෑ නෙ.
ඊටපස්සෙ  බාගත්තු සංස්කරණයෙ ෆයිල් ටික සර්වර් එකට අප්ලොඩ් කරගන්න. මතක ඇතුව අර කියපු ෆයිල් සහ ෆෝල්ඩර් රිප්ලේස් (replace) නොවෙන්න වග බලාගන්න ඕන.
 අමාරු වැඩ ටික නම් ඉවරයි. දැන් කරන්න තියෙන්නෙ අප්ඩේට් ස්ක්‍රිප්ට් එක රන් කරන එක විතරයි. ඒකට කරන්න තියෙන්නෙ ඔයගෙ බ්ලොග් එකේ වෙබ් ඇඩ්ඩ්‍රස් එකේ අගට /wp-admin/upgrade.php කියන කෑල්ල අමුනල එන්ටර් කරන්න එකයි. (ඔයාගෙ බ්ලොග් එකේ වෙබ් ඇඩ්ඩ්‍රස් එක www.me.com නම් www.me.com/wp-admin/upgrade.php ). එතකොට ඔයාට මේ වගෙ පනිවිඩයක් දැකගන්න පුළුවන්.
 ඒකෙන් කියන්නෙ ඔයාගෙ ඩේටාබේස් එක අප්ඩේට් කරන්න ඔන කියල. Update Wordpress Database කියන button එක උඩ ක්ලික් කලා නම් වැඩේ හරි. ටිකක් වෙලා බලා ඉන්න වෙයි ඩේඩාබේස් එක අප්ඩේට් වෙනකම්. ඩේඩාබේස් එක අප්ඩේට් උනාට පස්සෙ පනිවිඩයක් එයි වැඩේ සාර්ථකයි කියල. 
 දැන් කරන්න තියෙන්නෙ නවත්ත්ල දාපු ප්ලගින් ටික ආයිත් එකින් එක නැවත ක්‍රියත්මක කරන එක. මොකද එකින් එක ක්‍රියත්මක කරන්නෙ කියල ඔයාට ප්‍රශ්නයක් ඇති. ඒකට හේතුව තමයි සමහර ප්ලගින් අලුත් සංස්කරණයත් එක්ක ගැලපෙන්නෙ නැතිවෙන්න පුලුවන් නිසා. එකින් එක ක්‍රියත්මක කරල බැලුවම අපිට දැනගන්න පුළුවන්නෙ මොකකද අවුල තියෙන්නෙ කියල. අලුත් සංස්කරණයත් එක්ක ගැලපෙන්නෙ නැති ප්ලගින් තිබුනොත් ඒ ප්ලගින් එකේ අලුත් සංස්කරණය දාගත්තම හරි.
තීම් එකත් පරන එකට මාරු කරල බලන්න. බොහෝ විට අවුලක් නැතිව වැඩ කරයි. තීම් එක මාරු කරන්න කලින් ප්ලගින් ක්‍රියාත්මක කරල ඉන්න. තීම් එකේ අව්ලක් නම් එකෙත් අලුත් එක දාගන්න.
සංස්කරණය අලුත් වෙද්දි ඒ එක්කම ඔයාගෙ බ්ලොග් එකත් අප්ඩේට් කරගත්තා නම් කිසි අවුලක් නෑ. එහෙම නොකර හිටියම තමයි අර මට ලැබුනු වැඩේදි වගේ කරදර වෙන්න වෙන්නෙ. 

දිග වැඩි උනාද මන්ද. එත් ඔක්කොම කියන්නත් එපායැ. මේකට ලැබෙන ප්‍රතිචාර අනූව බ්ලොග් එක වේගවත් කරගන්න හැටිත් කියන්නම්. පැහැදිලි දෙයක් හරි අව්ලක් හරි තියෙනවනම් අහන්න. 

මොනවහරි පහලින් ලියල යන්න, අමතක කරන්න නම් එපා ..................

1 comment:

  1. Thank for sharing your knowledge with us

    max

    ReplyDelete